ජාතික තරුණ සේවා සභාව (National Youth Services Council ) සහ කාන්තා කළමනාකරණ ආයතනය

(Women in Management) එක්ව සංවිධානය කරනු ලැබූ 'නව්‍ය පරපුරේ සම්මාන උලෙළ' ( New Generation Award) දී වසරේ 'යු ටියුබ් නිවේදිකාව' (YouTube Presenter of the Year ) ලෙස අභිෂේකා ප්‍රනාන්දු ජයග්‍රහණය කර තිබේ.

SLVLOG යු ටියුබ් නාලිකාවේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන අභිෂේකා ප්‍රනාන්දු, මෙරට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ අතිශයින් ම ජනප්‍රිය චරිතයකි.

අභිෂේකා ප්‍රනාන්දුගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් 'ද ලීඩර්' උණුසුම් සුබ පැතුම්.

vlog

කාන්තා කළමනාකරණ ආයතනය මගින් ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ සැගවුණු දක්ෂතා හා ඔවුන්ගේ ජාතික දායකත්වය ඇගයීම් සොයා යන ගමනේදී එක් පියවරක් ලෙස, ජාතික තරුණ සේවා සභාව හා එක්ව අඛණ්ඩව සංවිධානය කෙරෙන New Generation Award උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණ.

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමිණ.

New Generation Awards 2021 හී අරමුණ වන්නේ, අතිවිශිෂ්ඨ වයස අවුරුදු 15 ‐30 අතර වූ තරුණ නායකත්වය ඒකාලෝක කිරීම හා ඔවුන් වෘත්තිමය, ව්‍යවසායකත්ව, තාක්ෂණිකව, ක්‍රීඩා, සමාජ සේවා, නවෝත්පාදන, දක්ෂතා, ,කලාත්මක, නිර්මාණකරනය ආදී ක්ෂේත්‍රයන්හි දක්වන ධනාත්මක දායකත්වය සමාජියව, ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්කිරීම හා ඒ සදහා අනුග්‍රහය ලබාදීම බව 'කාන්තා කළමනාකරණ ආයතනයේ' සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා පැවසුවාය. 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්