වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් හෙට (නොවැ. 2) කොළඹදී පැවැත්වේ.



මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් හෙට සවස 3.00ට මෙම විරෝධතා පා ගමන ආරම්භ වන අතර  කොටුව දුම්රියපොළ අසලදී දැවැන්ත රැලියක් පැවැත්වීමට නියමිත ය.

‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතාවට තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් සහාය පළ කරන බව එහි සංවිධායකයෝ පවසති.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජාතික සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් ම මෙම විරෝධයට සහභාගි වන නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ නොවේ.


‘මර්දනයට එරෙහිව නැගී සිටිමු’ : විරෝධතාවයට සජබ සහාය

xfgdg

ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට සමගි ජන බලවේගය සියයට සියයක්ම ශක්තිය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹදී අද (01) පැවසීය.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත් ඒ වෙනුවෙන් එකට එක් වී අරගල කළ යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී පාගමනට එරෙහිවීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමේ අවස්ථාවට කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම විරෝධතාවය සාමකාමී, පා ගමනක් බැවින් එය මර්දනය කිරීමට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහාම එය ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.



මර්දනයේ පීතෘවරුන් වන්නේ රාජපක්ෂවරුන් බවත් සාමකාමී විරෝධතාවයට කිසිවකු හෝ අත තබන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා කීවේය.

 

සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු  පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නැතිව බවත් පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යැයිද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර” ජාතික සංවිධායක තිස්ස අත්තනායක,  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


විරෝධතාවට ශ්‍රීලනිපයේත් සහය

vdfg
 
ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව නොවැම්බර් 02දා  පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද සහභාගී වන බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

වෘත්තීය සමිති හා විශ්ව විද්‍යාල සිසුන් මර්දනය කරමින් සහ උද්ඝෝෂණ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව මෙම උද්ඝෝෂණයට අනිවාර්යයෙන් සහයෝගය ලබාදෙන බවත්, අවිහිංසාවාදී උද්ඝෝෂණ කිරීම ජනතා අයිතියක් බැවින් තම පක්‍ෂය ඒවා මර්දනය කිරීමට විරුද්ධ බවත් ජයසේකර සඳහන් කළේය.

රාජපක්‍ෂ පවුල් පාලනයට හා එක්සත් ජාතික පක්‍ෂ පාලනයට විරුද්ධ බලවේග සියල්ල එක්කර දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බිහිකර නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරගෙන යන බව කී ශ්‍රීලනිප මහලේකම්වරයා, රාජපක්‍ෂ පවුලේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටුව හා ජන බලයක් නොමැති එක්සත් ජාතික පක්‍ෂය ඒකාබද්ධ රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවට සහයෝගයදීමේ හැකියාවක් තමන්ට නැතැයි ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේ බිහිකරන නව ආණ්ඩුව අරගලය ප්‍රතික්‍ෂේප නොකරන සහ අවිහිංසාවාදී අරගලය ශක්තිමත් කරන වාම ප්‍රගතිශීලී නායකත්වයකින් යුත් එකක් බවත්, එය වංචාවෙන්, දූෂණයෙන් තොර ජනතාව අපේක්‍ෂිත සිස්ටම් චේන්ජ් එකක් කරන ආණ්ඩුවක් බවත් ජයසේකර වැඩිදුරටත් පැවසීය.  

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්