theleaderlk 01

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරි ව ඇති ඇති අතර, එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මුණගැසෙන්නේ, ප්‍රබල එංගලන්ත කණ්ඩායම

යි.


මේ තරඟය ලබන සෙනසුරා දා සිඩ්නි (SCG) ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි.


තරගාවලිය තුළ දී ඔස්ට්‍රෙලියාවට සහ නවසීලන්තයට පරාජය වී ඇති ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරගාවලියේ ඉදිරිය තුළ ආශ්චර්යමත් තත්ත්ව මාලාවක් අවශ්‍ය වනු ඇති.


අවස්ථා දෙකක් !


යම් හෙයකින් ලබන සෙනසුරාදා පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරාජය කළ හොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය හැකි ආකාරය පිළිබඳ අවස්ථා දෙකක් පවතිනවා.


ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය පරදවා ඇෆ්ගනිස්තානය ඔස්ට්‍රෙලියාව පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් දල්වා තබාගත හැකියි.


මීට අමතරව එංගලන්තය සහ අයර්ලන්තය නවසීලන්තය පරාජය කිරීමටත් ශ්‍රී ලංකාවට එංගලන්තය පරාජය කිරීමටත් හැකි වුව හොත් එතන දීත් ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක් ලැබෙනු ඇති.


කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට ඔවුන්ගේ අවසන් තරගය ජයගත නො හැකි නම්, සෙනසුරාදා එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවද ශ්‍රී ලංකාවට ඔවුන්ගේ කාණ්ඩයේ පළමු සිව් දෙනා අතරට පත්වීම සහතික කළ හැකි යි.


එලෙස ශ්‍රී ලංකාව 1 කාණ්ඩයේ පළමු සිවු දෙනා අතරට පැමිණිය හොත් ඔවුන් ස්වයංක්‍රීය ව 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා.

 
(\aruna.lk)


ලංකාවට බලාපොරොත්තුවක් තබාගත හැකිද ? ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරක හිමාශි කරුණාරත්න ගෙන එන Sports with Himashi විග්‍රහය පහත වීඩියෝවෙන්..

නවතම පුවත්