තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද(02) නියෝග කළේය.


මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් නොමැතිවීම හේතුවෙන් සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නෙය


එසේම, මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකයන් හා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි ඇතුලු සැකකරුවන් තිදෙනකු ද ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළීණ ගමගේ අද (02) නියෝග කළේය.


මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මෙතක් විමර්ශන අවසන්ව නොමැති වීමත්, ඔවුන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි වීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි, ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයකු වන කසුන් පෙරේරා යන අයවලුන්ය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්