ආණ්ඩුවේ මර්ධන ක්‍රියාපිළිවෙතට එරෙහි අද පස්වරුවේ සංවිධාන කර ඇති ඒකාබද්ධ විරෝධතා පාගමන කිසිසේත් නතර නොකරන බව වෘත්තිය සමිති

පවසති.


ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවයට එරෙහිව මෙම පාගමන සංවිධානය කර ඇති බවයි.



කෙසේවෙතත් දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව විසින් අද (02) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව ‍කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබානොදෙන බවට පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.


කොළඹ මධ්‍යම කොට්ඨාශ දෙක දිසාව භාර සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන් දිල්රුක් ගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපියක් විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.


යෝජිත විරෝධතා රැලිය සහ පෙළපාලිය පැවැත්වෙන කාලසීමාව කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන කාලසීමාවක් වන අතර විරෝධතාව හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල තොග වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල විය හැකි බව අදාළ ලිපියේ සඳහන්ය.


එමෙන්ම පොලිස් ආඥා පනතේ 80 වගන්තිය අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ යන්ත්‍රානුසාරයෙන් ශබ්දය නිපදවන උපකරණ භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ලබාගත යුතු අතර එම විරෝධතාවයේදී එවැනි අවසරයක් ලබාගැනීමට කටයුතු කර නොමැති බව ලිපියෙන් පෙන්වාදී ඇත.


විරෝධතා රැලිය සහ පෙළපාලිය හේතුවෙන් මාර්ග අවහිර කිරීම් හෝ බාධා සිදුවුවහොත් එම පීඩාවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන අතර පොලිස් ආඥා පනතේ සහ වෙනත් පවතින නීති යටතේ සහභාගී වන පුද්ගලයින්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද සහකාර පොලිස් අධිකාරීවරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

 

image 03d3b9f99f image a2091a09b5

image 3175829094


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්