theleaderlk 01

රට ගොඩගැනීම උදෙසා සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ වහා සිදු කළ යුතු බව අවධාරණය කරන

'ගොඩයමු සාමූහිකයේ' ආරම්භක හමුව ඊයේ 01 දා හවස ජානකී හෝටලයේදී පැවැත්වුනා.

‍මහාචාර්ය රොහාන් සමරජීව, චින්තන ධර්මදාස, පැතුම් කර්නර්, ඇන්තනි ජේසුදාසන්, අකලංක හෙට්ටිආරච්චි, හේමප්‍රිය කවිරත්න, කීර්ති ගොඩිගමුව, හර්ෂ ගුණසේන, අජන්ත රත්නායක යන අය මෙහිදී අදහස් දැක්වූ අතර තව සමාජ දේශපාලන ක්‍රියාකාරී පිරිසක් ඊට සහභාගි වුනා.

'රටේ ආර්ථිකය යළි පණගැන්වීම සඳහා යාමට සිදුවන මාවත දුෂ්කර එකක්. නමුත් අප කෙසේ හෝ මේ ප්‍රතිසංස්කරණයන් කළ යුතුවම තියෙනවා. නැත්නම් අපිටත් රටටත් ගොඩයාමක් නෑ'. ගොඩයමු සාමූහිකය ප්‍රකාශ කරනවා.



ගොඩයමු සාමූහිකය පෙනී සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' විසින් යෝජනා කරන ලද, බොහෝ පක්ෂ විසින් එකඟතාවය පළ කරන ලද මූලික ඒවායි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය, ආයෝජන සඳහා සුදුසු පරිසරයක් රට තුල නිර්මාණය කිරීම, පුරවැසියන් බදු ගෙවීමේ සහ රජය බදු ආදායම් වියදම් කිරීමේ පාරදෘෂ්‍යභාවයක් ඇතිකීරීමේ වැදගත්කම, කාර්යක්ෂම මෙන්ම ඵලදායී සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීම යනාදිය මේ අතර වෙනවා.



එමෙන්ම අප රට නිදහසේ පටන්ම හුරුවී ඇති රාජ්‍ය සුබසාධනවාදී මානසිකත්වයෙන් ගැලවීමත්, මෙවන් අවස්ථාවක නිශේධනාත්මක විවේචන සහ කඩාකප්පල් කිරීම් වලින් බැහැරව ධනාත්මක නිර්මාණාත්මක පුරවැසි මැදිහත්වීමක අවශ්‍යතාවයත් ඔවුන් අවධාරණය කරනවා.

මෙම සාමූහිකයේ පළමු මාධ්‍ය හමුව නොවැම්බර් 09 වෙනිදා නිදහස් චතුරශුයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ රටේ සිදුවිය යුතු බවට විශ්වාස කරන ඕනෑම කෙනෙකුට පක්ෂ භේදයකින් තොරව ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා මේ මෙහෙයුම සමග එක්වන මෙන් ගොඩයමු සාමූහිකය ආරාධනා කරනවා.

 



ආරම්භක හමුවේදී අදහස් දැක්වූ සමාජ දේශපාලන ක්‍රියාකාරීන්  

{gallery}New Operation{/gallery}




සබැඳි පුවත්

රට ගොඩදාන්න අලුත් මෙහෙයුමක් !

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo