‘‘මර්දනයට, ආර්ථික පීඩනයටල එරෙහිව නැගී සිටිමු‘‘ මැයෙන් රජයට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති,

බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට සහභාගි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු දේශපාලනඥයන් පිරිසකට විරෝධතාකරුවන්ගෙන් විරෝධය එල්ල විය.

මෙම විරෝධතා නිසා සජිත් ප්‍රේමසාද ජනහමුව නවත්වා පැමිණි සිටි පිරිසගේ හූ හඩ හා විරෝධය මැද ස්ථානයෙන් දී පිටව ගියේය.

මරදානේ සිට කොටුව දක්වා ගමන් ගත් මෙම විරෝධතා පා ගමනට පිටකොටුව පාවෙන වෙළඳ අසලදී පොලිසිය බාධා කළේය. දේශපාලනඥයන් එම විරෝධතාව ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උරණ වූ විරෝධතාකරුවන් ඔවුන්ට විරෝධය එල්ල විය.

ලොරියක තුළ සකස්කළ වේදිකාවක් මත සිට ජන හමුවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ දේශපාලනඥයන් උත්සහ ගත්ත ද පිරිසගේ විරෝධතාව හේතුවෙන් එය අතර මග නැවැත්වීමට සංවිධායකයෝ පියවර ගනු ලැබූහ.

ඒ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍යයට ප්‍රකාශ ලබා දුන් අතර ඒ අවට සිටි  පිරිස ඔහුට හූ හඩ එල්ල කරමින් විරෝධය පලකළේය.. පිරිසගේ හූ හඩ මැද සජිත් ප්‍රේමදසා ඇතුලු දේශපලනඥයෝ රැසක් එම ස්ථානයෙන් පිටව ගියහ. 

 

 ''විපක්ෂ නායකවරයාට හූ කීම අනුමත කරන්නේ නැහැ'' - එජාප  

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසන්නේ, මහජන විරෝධතාවයකදී ජනතාව විසින් රටේ විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් අනුමත නොකරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයකු මෙවැනි ක්‍රියාවක් අනුමත නොකරන බව කී එජාප මහලේකම්වරයා, එක්සත් ජාතික පක්ෂය හොඳ මුල් අරටුවකින් පැවත එන පක්ෂයක් බැවින් කිසි විටෙක බාල වැඩවලට කැමති වන්නේ නැති බව සඳහන් කළේය.

කොළඹ දී පැවැති විරෝධතාව අතරතුර දී විපක්ෂ නායකවරයා හූ හඬ මැද්දේ පසුබා යන අයුරු දුටු විට තමාට ඇත්තටම දුක හිතුනු බවද එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර සඳහන් කළේය.

විපක්ෂ නායක යනු රටේ හතරවැනි පුරවැසියා බව අමතක නොකළ යුතු යැයි කී එජාප මහලේකම්වරයා, එවැනි තනතුරක් මෙලෙස හෑල්ලුවට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයට ද මරු පහරක් බව සඳහන් කළේය.

ඉදිරි නායකයකුට හෝ විපක්ෂ නායක තනතුර ගෞරවාන්විතව දැරීම සඳහා ඉතිරි කොට තැබීම සජිත් ප්‍රේමදාස ගේ වගකීමක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(lankadeepa.lk)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්