සම සුදු කිරීමට භාවිත කරන විවිධ ආලේපනවලින් සමෙහි නොයෙක් සංකූලතා ඇති වෙන බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සංජීව හුලංගමුව පවසයි.


වෛද්‍යවරයා එබව පවසා සිටියේ ඊයේ  (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද වනවිට සමාජයේ බොහෝදෙනෙක් එවැනි ආලේපන භාවිතයට නැඹුරු වී ඇති බව ඔහු සඳහන් කළේය.

මුහුණට මෙවැනි ආලේපන භාවිත කිරීමෙන් කුරුලෑ සහ අනවශ්‍ය රෝම ඇති වෙන බව ද පැවසු වෛද්‍යවරයා‍, ඇස් වටේට එවැනි ආලේපන භාවිත කිරීමේ දී ඇසේ පීඩනය වැඩි වී ඇසේ සුද පවා ඇති විය හැකි බව ද කියා සිටියේය.

නිසි වෛද්‍ය ප්‍රමිතියෙන් තොරව මෙවැනි ආලේපන භාවිත කිරීමෙන් සමට විෂවීම් ඇති වීමේ හැකියාවක් පවතින බව ද වෛද්‍යවරයා පැවසීය.

'' මෙම ආලේපන වර්ගවල කිසිම නමක් සඳහන් වෙලා නෑ. නිෂ්පාදිත රටක්, අඩංගු සංඝටක සඳහන් වෙලා නෑ සමහර වෙලාවට. අනෙක් ඒවා ලියාපදිංචි වීමකින් තොරව භාවිත කරනවා. අපි දැකලා තියෙනවා මෙම ආලේපන වර්ගවල විශේෂ සංඝටක තුනක් තියෙනවා. මේවා දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමෙන් සමට හා සම අභ්‍යන්තරයට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. සම බොහෝ වෙලාවට සම තුනී වෙනවා, සම රැලිවැටෙනවා, සමේ ඉරීම් ඇති වෙනවා. (stech marks) කියනවා ඒවාට. විශේෂයෙන්ම කලවා සහ අත් යට ඇතිවෙනවා. ඒවා ඇති වුණාම යථා තත්ත්වයට පත්කරන්න ඉතාම අපහසුයි. දීර්ඝ කාලයක් යනවා. සම තුනීවීම නිසා සම යටින් තියෙන ලේ නහර මතුවෙලා සම අවලස්සන වෙනවා.

සම තුනී වීම හා ප්‍රතිශක්තිය අඩුවෙන නිසා ඉතා ඉක්මනින් විෂබීජවලට අපි යොමුවෙනවා. විශේෂයෙන් බැක්ටීරියා, දිලීර, හා වෛරස් ආසාදනවලට යොමුවීමේ ප්‍රවණතාවය වැඩියි. අනික සමේ ඒකාකාරීභාවය නැතිවෙනවා. ඒ නිසා ගොඩක් අවලස්සන වෙනවා. අපි එහෙම රෝගීන් දැකලා තියෙනවා.


''බ්ලීචින් ක්‍රීම් දීර්ඝ කාලීනව භාවිත කිරීමේ දී මුලදි හම සුදු වේගන යනවා. නමුත් මාස කිහිපයක දී සම කළු පැහැයට හැරෙනවා. එහෙම වුණොත් අපිට කිසිවෙලාවක සම යථා තත්ත්වයට ගන්න බෑ. ඒක විශේෂ අතුරු ආබාධයක් එම ආලේපනවල. ඒ වගේම ශරීරය අභ්‍යන්තරයටත් මෙම ආලේපනවල අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. වකුගඩු හා අක්මාවට මෙය බලපාන්න පුළුවන්."


(adaderana.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්