ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ඊයේ (02) පැවැති පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගයේදී ඉන්දීය කණ්ඩායම විසින් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5

කින් බංග්ලාදේශය පරාජය කළා.


පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්ත. ඊට පිළිතුරු වශයෙන් ඕවර 16 ක් නිමාවේදී බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් පමණයි.


මෙම තරගයේ දී සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ව්‍යාජ පන්දු රැකීමක නිරත වූ බවට බංග්ලාදේශ කණ්ඩායම චෝදනා කරනවා.


බංග්ලාදේශ ඉනිමේ හත්වැනි පන්දුවාරයේ දී බංග්ලාදේශයේ ආරම්භක පිතිකරු ලිටන් දාස් පිටියේ ඩීප් පොයින්ට වෙත එල්ල කළ ප්‍රහාරයේ දී විරාත් කෝලි මෙම ව්‍යාජ පන්දු රැකීම සිදු කළ බවයි ඔවුන් චෝදනා කරන්නේ.


අර්ෂදීප් සිං විසින් පන්දු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් වෙත එල්ල කළ පන්දුව තමා වෙත ලැබෙන අයුරින් මවා පාමින් කෝලි මෙම රංගනය සිදු කළ බව දැකිය හැකියි.


එම තරගයේ විනිසුරුවරුන් වූ මාරයිස් ඉරැස්මස් හෝ ක්‍රිස් බ්‍රවුන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් කෝලිට එරෙහිව නොගත් අතර, ව්‍යාජ පන්දු රැකීමක් සඳහා වන දඬුවම ලකුණු 05ක් බව ද එය තීරණාත්මක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශය ගෙන යාමේ අවස්ථාවක් මගහැරීමක් බව ද බංග්ලාදේශය පෙන්වා දෙනවා.


බංග්ලාදේශ කණ්ඩායමේ නුරුල් හසන් පෙන්වා දෙන්නේ, එම දඬුවම් ලකුණ හිමිවන්නේ අයි.සී.සී. ක්‍රිකට් නීතිය අනුව (41.5) “ඕනෑම පන්දු රකින්නෙක් හිතාමතාම, වචනයෙන් හෝ ක්‍රියාවෙන්, ප්‍රහාරකයාට පන්දුව ලැබුණු පසු පිතිකරුගේ අවධානය වෙනතකට යොමු කිරීමට, රැවටීමට හෝ බාධා කිරීමට උත්සාහ කිරීම අසාධාරණ බවත්, පන්දු යවන්නාගේ අවසන් විනිසුරු විසින් පිතිකරණ කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් ලබා දිය යුතු අතර, මෙම ක්‍රියාවට හේතුව පන්දු රකින කණ්ඩායමේ නායකයාට දන්වා, ප්‍රායෝගිකව හැකි ඉක්මනින් පිතිකරණ කණ්ඩායමේ නායකයාට දැන්වීම අනිවාර්‍යය බවයි.


නමුත් අවාසනාවකට තම කණ්ඩායමට එම අවස්ථාව ද නොලැබුණු බවයි බංග්ලාදේශයේ නුරුල් හසන් පෙන්වාදෙන්නේ.



308882541 488198086588818 3804669369262115909 n


දකුණු අප්‍රිකාවට තීරණාත්මක තරගයක්


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය අතරයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ සිඩ්නිහීදීයි.


දකුණු අප්‍රිකාව තමන් සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ මේවනවිට දෙවන ස්ථානයේ පසුවනවා.


පකිස්ථානය තමන් සහභාගී වූ තරග තුනෙන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පකිස්ථානය මේවනවිට පස්වන ස්ථානයේ රැදී සිටිනවා. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්