බලයෙන් පහ කරන ලද හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි

තාරික් ඊ. ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ.

වෙඩි ප්‍රහාරය ඔහුගේ දකුණු පාදයට එල්ලවී ඇත. ඒ සමගම ඔහුගේ ආරක්ෂකයින් ලාහෝර් නගරයේ පිහිටි රෝහලක් වෙත ඔහුව රැගෙන ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ, ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරන විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදී ය.

 පාකිස්ථානය පොලිසිය විසින් වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්වේ.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්