1200 x 80 DMirror

රුපියල් කෝටි 130 ට ආසන්න වටිනා මුදලක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින

තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ බව කියන රංගන ශිල්පිණියන් දෙදෙනෙකු පොලිසිය මඟහරිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් එක් අයකු ප්‍රවීන චිත්‍රපට නිළියක් බව පැවසේ.

දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් සිටින මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගන්නා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම නිළියන් දෙදෙනා තිළිණි ප්‍රියමාලි සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.



තිලිණි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට




මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි අද (නොවැ. 3) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ, බන්ධනාගාරය තුළ නීති විරෝධී තහනම් භාන්ඩයක් වන ජංගම දුරකතනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාව සඳහා මෙලෙස ඇය වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව ය.

එහිදී සැකකාරිය වෙත නගා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරුවරාය විසින් එය නොවැ. 24 වන දින දක්වා කල් තැබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය