“සමහරු කියනවා අරගලයට ජාතික ජන බලවේගය ආවේ නෑ කියලා. ඔව් අපි ආවේ නෑ. අපිට කොන්ද පණ නැති අයත් එක්ක හිට ගන්න බැහැ” යැයි
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේ ය.
සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබාගෙන තීන්දු ගත නොහැකි දේශපාලනඥයෙකු මෙන් ම පනතකට විරුද්ධව අත උස්සන්න හෝ පාර්ලිමේන්තුවේ හරි තීන්දුවක් ගන්න බැරි පුද්ගලයෙකු යැයි ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා චෝදනා කළේ ය.
එවැනි පුද්ගලයෙක් සමග හිටගෙන ප්රජාතන්ත්රවාදය දිනාගත හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ ද කීය.
“සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්. කිසි ම ප්‍රතිපත්තියක් නෑ. පාර්ලිමේන්තු තීන්දුවක් ගන්න බෑ. එහෙව් කෙනෙක් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් යමක් කරයි ද? පොදු සටනක් ආවම ඒකට ඔළුව දාලා ජනතා සටනේ නායකයා වෙන්න තමයි එයා දඟලන්නේ. ඒ ගොල්ලන්ට පාර කපන අයත් රටේ ඉන්නවානේ. ඒක තමයි ප්‍රශ්නේ. සමහරු කියනවා මේ අරගලයට ජාතික ජන බලවේගය ආවේ නෑ කියලා. ඔව් අපි ගියේ නෑ. ඒක පැහැදිලියි. මොකද අපි විශ්වාස කරනවා එවැනි කණ්ඩායමක් එක්ක ප්රජාතන්ත්රවාදය දිනා ගන්න අපිට බැහැ කියලා.”
''විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා'' - මිහින්තලා රජමහා විහාරාධිපති
විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු කාරයකු වෙලා, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නෑ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
''ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනව. මොකක්ද මේ කරන්න යන විහිළුව.''
අද මහ පාරේ සිටින අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 ම වගකිව යුතු බව විහාරාධිපති හිමියෝ අවධාරණය කළහ.
සංචාරක කර්මාන්තය කඩා වැටිලා, ඊට බාධාවක් වෙනවා, සාමාන්‍ය ජනතාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ පාලකයන් අරගලකරුවන්ව හඳුන්වන්නේ රාජද්‍රෝහීන් ලෙසයි.
''එහෙම නම් ජනතාවගේ හඬට ඇහුම් කන් දී පාර්ලිමේන්තුව තුළම තීන්දු තීරණ ගත යුතුයි. රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා .''
භාෂණයේ අයිතියක් තිබෙනවා .ඒ සියල්ලම ඇත්ත. ඒ හඬ වෙනුවෙන් ලැබෙන පිළිතුර කුමක් ද කියන එක අද ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෙය පාර්ලිමේන්තුව තුළම ප්රජාතන්ත්රවාදී ලෙස ක්‍රියාත්මක කළ යුතුයි කියල..''
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු ප්රගතිශීලී ජනතාවගේ මෙහෙයවීමෙන් නොවැම්බර් 02දා පාගමනක් සහ විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.
එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ විශාල පිරිසක් එක්ව සිටියේය.
කොළඹ එල්පින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වූ පා ගමන කොටුව දුම්රිය ස්ථානය වෙත යාමට නියමිතව තිබූ අතර විශාල පොලිස් බලඇණි යොදවා එය අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු යොදා තිබිණ.
එහෙත් පාගමන අවහිර කළ ස්ථානයේදී විපක්ෂ නායකවරයා ඇතුළු නායකයින් රැස්ව සිටි ජනතාව අමතා පිටවයාමට සුදානම් වෙද්දී විරෝධතකරුවන්ගෙන් බරපතල විරෝධයක් එල්ලවිය.
සබැඳි පුවත් :
මර්ධනයට එරෙහි විරෝධයේදී සජිත්ට හූ කියයි - එජාපය නහයෙන් අඬයි !