theleaderlk 01

මැයි මාසයේදී කඩා බිඳ දැමූ තංගල්ලේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව නැවත එම ස්ථා‍නයේම සවි කිරීම ඊයේ (3) සිදුකෙරිණි.



තංගල්ල මහවෙල මාර්ගයේ ඉදිකර තිබූ මෙම පිළිරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ පියාණන් වන ඩී.ඒ රාජපක්ෂ ගේ පිළිරුවකි. එම පිළිරුව ඉකුත් මැයි මාසයේ 10 වැනිදා පිරිසක් විසින් කඩා බිඳ දමනු ලැබූහ.


එම පිළිරුව තංගල්ල කාර්ල්ටන් නිවෙස පිහිටි භූමියේ නැවත ඉදිකර පෙර පැවැති ස්ථානයටම රැගෙන ගොස් යළිත් සවිකිරීම සිදුකෙරිණි. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තංගල්ල නගරසභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්වූහ.


මහින්ද රාජපක්ෂ සහ ගෝඨාබය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන් විසින් මෙම පිළිරුව එළැඹෙන 6 වැනිදා විවෘත කිරීමට නියමිතය.


සෑම වසරකම නොවැම්බර් මස 6 වැනිදා ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ ජාතික ගුණ සමරු උත්සවය සිදුකරනු ලැබුවේ තංගල්ල මහවෙල පාරේ පිහිටි
මෙම පිළිරුව අසලය.


මෙම මස 6 වෙනිදා ගුණානුස්මරණ උත්සවයක් සමග එම පිළිරුව නැවත නිරාවණය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.


එම පිළිරුව පෙරළා දැමිම සඳහා පැමිණි සංවිධානාත්මක පිරිසට නීතිය හමුවේ දඬුවම් ලැබිය යුතු බවට තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

 

නවතම පුවත්