පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට නොහැකි වුවද

අද එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් බව ක්‍රිකට් විචාරකයින් පවසයි.

නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ “ටොස් එකට කලින්” වැඩසටහනට එක්වෙමින් ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක පැවසුවේ මෙම තරඟය ජයග්‍රහණය කිරීම එලඹෙන ලෝක කුසලාන තරඟාවලියට පිටුවහලක් වනු ඇති බවයි.


ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී 150කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කරගතහොත් අද තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව පවතින බව ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක වැඩිදුරටත් සඳහන් කළේය.

 


2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද(05) එංගලන්තයට එරෙහිව පැවැත්වේ.

එය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට පැවැත්වෙනු ඇත.

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව ඊයේ ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවිය.

අද පැවැත්වෙන එංගලන්තය සමග තරගය ශ්‍රී ලංකාව ජය ගත්ත ද, අවසන් පූර්ව වට⁣ය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට අවස්ථාවක් නොමැත.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි තරගය අද ජය ගතහොත් ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව හිමිවේ.

ඒ, පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනටමත් තමන් සතු දෙවන ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට හිමිවන බැවිනි.

අද තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි.

ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සමාන වීමයි.

එවිට දල ලකුණු වේගය (Net Run Rate) සලකා බලා දෙවන ස්ථානය තීරණය කරනු ලැබේ.

දැනට ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය සෘණ අගයක් ගන්නා අතර එංගලන්තයේ දල ලකුණු වේගය ධන අගයක පවතී.

vhgh(උපුටා ගැනීම් -News 1st)

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්