සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු ළඟදීම ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව

දැනගන්නට ඇතැයි 'ලංකාදීප (lankadeepa.lk) වාර්තා කරයි.

මොහු පසුගිය රජයන් ගණනාවකම ඇමැති ධුර හෙබවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන්ද දැනුවත්ව සිටින බව පැවසේ.

සජබ ආරංචි මාර්ග පවසන පරිදි අදාල දේශපාලනඥයාට ආණ්ඩුවට යෑම සාර්ථක කර ගැනීමට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ඒ දේශපාලනඥයාගේ පුත්‍රයා බවද සඳහන් වේ.

මෙම හිටපු ඇමැතිවරයා සමගි ජන බලවේගය පක්ෂය මේ මොහොතේදී ආණ්ඩුව සමග ඒකාබද්ධ විය යුතු බවට කාලයක සිටම මත පළ කළ අයෙකි. ඔහු  පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීම්වලදී පවා මෙම කාරණය දැඩිව පෙන්වා දී තිබිණ.

ජනාධිපතිවරයා විසින් අයවැය ප්‍රකාශයට පත්කිරීමත් සමග අදාල සජබ මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම්දීමට නියමිත බවද පැවසේ. 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්