තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.



ඒ, අද (05) ඇය අලුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ජානකී සිරිවර්ධනගේ නීතීඥයන් විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා, ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දහවල් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගනු ලැබුවේ තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළවයි.

මේ වනවිට තිළිණි ප්‍රියමාලි, ඇගේ පෙම්වතා සහ හිමිවරයකු ඇතුළු සිව් දෙනෙකු ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.


ප්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා. !

මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල දී තවදුරටත් අනාවරණය වී ඇත්තේ, තිළිණි ප්‍රියමාලි වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක මුදලක් ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළකට ලබාදී ඇති බවයි.

මෙම නිවේදක අඹුසැමි යුවළගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

තිළිණි ප්‍රියමාලි මෙම යුවළට අදාළ මුදල ලබාදී ඇත්තේ නව නිවසක් ඉදිකර ගැනීමට බව ද හෙළිවී ඇත. තිළිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ තවත් රංගන ශිල්පිනියක්, මෝස්තර නිරූපිකාවන් ඇතුළු 6 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම කාන්තාව විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි 300 කට අධික මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බව අනාවරණය විය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්