පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් විසින් ජනාධිපති ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට යොමුකරන ලද

ලිපියෙන් දිඹුලාගල, දලුකාන ප්‍රදේශයේ 13 හැවිරිදි දියණිය මානසිකව අපයෝජනයට ලක් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ලිඛිතව යොමු කර තිබූ තොරතුරු අනුව එම දියණිය බාලවයස්කාර ගැබිනි මවක් බව සඳහන් කර තිබිණි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ එම ලිපිය මේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක් වී ඇත.

ළමා ආරක්ෂක අධිකාරිය ඒ පිළිබඳව අවධානය යොමු කර එම අධිකාරියේ නිගමනය මාධ්‍ය වෙත හෙළිකර ඇත.

“මුලින්ම කියන්න ඕනේ මම මේ සිදුවීමට අදාළ තොරතුරු දැක්කේ මාධ්‍ය මගින්. අපි දන්නවා දිස්ත්‍රික් ලේකම්වරයෙක් යම් කරුණක් සොයා බලා තොරතුරු ගන්නේ වෙනත් රජයේ නිලධාරීන්ගෙන් බව. මේ කියන දිස්ත්‍රික් ලේකම්තුමා මේ තොරතුරු ගන්න ඇත්තෙත් එහෙම වෙන්න ඇති. ඊට පස්සේ මුල් තොරතුර වැරදි නිසා වෙනත් තොරතුරු ලැබුණු නිසා ඔහු ඒක නිවැරදි කරන බවයි කියන්නේ.


මේක බරපතල කාරණයක් 

අපි දන්නවා ළමා හා කාන්තා කටයුතු පිළබඳව විවිධ අමාත්‍යංශ යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් කිහිප දෙනෙක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල් සේවය කරන බව. අනිවාර්යයෙන්ම ලේකම්තුමාට මේ කියන සාවද්‍ය තොරතුර ලැබෙන්න ඇත්තේ ඒ එක්කෙනෙක්ගේ මාර්ගයෙන්. ඕනවට වඩා හදිසි නොවී ඒ ගැන තව පාරක් පරීක්ෂා කරානම් මේ දරුවා ගැන මේ වැරදි තොරතුර එන්නේ නැහැ. 

 
පළමු තොරතුර ලැබුනට පස්සේ කරන්න තිබුණු හොඳම දේ තමයි ඒ දරුවා ඉන්න ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, ඒ දරුවා ඉගෙන ගන්න පාසලේ විදුහල්පති වගේ අයගෙන් වහාම මේ කරුණ ගැන තහවුරු කරගන්න එක.

ඒ සියලු දෙනාම කියන්නේ 13 හැවිරිදි ගැහැණු දරුවෙකු ගැබ් ගෙන ඉන්න බවනම් ඒක අපයෝජනයක් බව එතුමා දැනගන්න ඕනේ. එහෙම වෙලා තිබුණානම් ඒක අපරාධමය වරදක්. එහෙම වෙලා තිබුණානම් ලේකම්තුමාට තිබුණේ ඒ ගැන වහාම අදාළ පොලිස් ස්ථානයට දැනුම් දෙන එක.


දැන් වෙලා තියෙන්නේ මොකක්ද. කව්රු හරි කෙනෙක් අතිශය වැරදි, තහවුරු නොකළ තොරතුරක් දුන්නා, තව කෙනෙක් ඒ තොරතුරු මත රාජකාරි ලිපියක් ටයිප් කළා. දිස්ත්‍රික් ලේකම්තුමා එකට අත්සන් කළා. කොළඹ ඉන්න ජනාධිපතිතුමාට එව්වා. එක මාධ්‍යවල ගියා. වෙනකක් තබා සමහරු දරුවාගේ අනන්‍යතාව හෙළිවන විදිහටම ඒක පළකළා. වාර්තාවෙන විදිහට දැන් ඒ 13 හැවිරිදි දියණිය අසරණයි. මානසික පීඩාවට පත්වෙලා. දැන් කව්ද ඒ දරුවාගේ මානසික බිඳ වැටීම ගැන වග කියන්නේ.


මම කියන්නේ මේ දරුවට සිද්ධ කරලා තියෙන්නේ මානසික අපයෝජනයක් කියලයි. ඒක නිවැරදි කිරීම කියන්නේ අදාළ අය වෙත ආයෙමත් ලියුමක් ලියලා යවන තරම් සරල කාරණයක් නෙමෙයි” යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පවසයි.

ZDVDS

(මුලාශ්‍රය - A5 News Sri Lanka)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image