මානුෂික මෙහෙයුමක් ලෙස නම් කරමින් උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් සමයේදී යුද හමුදාවට භාරවූ

කිසිවකු ලියාපදිංචි නොකළ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසා තිබේ.

බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් විශිෂ්ටතාවක් උසුලන බව පවසන ශ්‍රී ලංකා යුද හමුදාව ඒ බව පවසා ඇත්තේ තමිල්මිරර් පුවත්පතේ මාධ්‍යවේදී බී. නිරෝෂ් කුමාර් තුන් අවුරුද්දකට ඉහතදී ඉල්ලා තිබුණු තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට එරෙහි අභියාචනයක් නොවැම්බර් 3 වැනි බ්‍රහස්පතින්දා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සලකා බලන ලද අවස්ථාවේදීය.


යුද්ධයේ අවසන් දිනවලදී යුද කලාපයෙන් පිටතට ආ ලක්ෂ සංඛ්‍යාත ජනකාය අතරින් දස දහස් ගණනක් භාරවුයේ රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද නිවේදනයට අවනත වෙමිනි. උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන් දක්වන සංඛ්‍යාලේඛන අනුව ඒ අතර අත දරුවන් හා කාන්තාවන්ද වූහ.



2019 වසරේදී ද යුද හමුදාව විසින් දෙමළ මාධ්‍යවේදියාගේ ඉල්ලීමට අදාළ තොරතුරු ප්‍රතික්‍ෂේප කර තිබුණේ හමුදාවට භාර වූවන් අතර එල්ටීටීඊ සාමාජිකයන් සිටියේදැයි නොදන්නා බව පවසමිනි.

“යුද කලාපයෙන් ජනතාව අවතැන් උනා. එයාලා එල්.ටී.ටී.ඊ ද, මහජනතාවද, අපි දන්නේ නැහැ. අපි භාර ගන්නා විට කිසිදු ලියාපදිංචි කිරීමක් සිදු කළේ නැහැ. අපි ළඟට එන අයව අපි බස්වල අරන් ගිහින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ කඳවුරුවල දැම්මා.ඉන් පසුව පුනරුත්ථාපන කාර්යාංශය විසින්ම ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළා,” යි යුද හමුදාව සාක්ෂි දෙමින් පැවසු බව තමිල්මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

යුද හමුදාව විසින් පවසා ඇති තොරතුරු ආණ්ඩුව විසින් වරින් වර කර ඇති ප්‍රකාශවලට පරස්පරය.

රමේෂ් නමින් ප්‍රකට එල්ටීටීඊයේ අම්පාර මඩකලපුව සෙන්පති තම්බිරාජා තුරෙයිරාජසිංහම් ශ්‍රී ලංකා යුද හමුදාවට බාරවූ පසු  යුද හමුදාව විසින් මරා දමන ලද බව මහින්ද රාජපක්ෂ පාලනයේ අමාත්‍ය එස් බී දිසානායක විසින් 2018 දී  ප්‍රසිද්ධියේ පිළිගෙන තිබුණි.


Sri Lanka: Wartime ministers admit to military executing surrendered Tamils (VIDEO)

යුද හමුදා අත් අඩංගුවේ ජීවතුන් අතර සිටින කර්නල් රමේෂ් ගෙන් සෙබළුන් ප්‍රශ්න කරන ආකාරයත්, ඉන් පසු ඔහු මරා දමා ඇති ආකාරයත් දැක්වෙන වීඩියෝ දර්ශන චැනල් 4 රූපවාහිනිය විසින් ප්‍රචාරය කර තිබුණි.



රටින් පලායන්නට බලකෙරුණු ලාංකික මාධ්‍යවේදීන්ගෙන් සැදුම් ලත් JDS සංවිධානය විසින් චැනල් 4 ආයතනයට ලබාදුන් ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහි මුල්ම යුද අපරාධ චෝදනා නැගෙන දර්ශන රැගත් වීඩියෝවක දැක්වෙන්නේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පිරිසක් අත් අඩංගුවේ සිටින කිහිප දෙනකුට වෙඩි තබා මරා දමන ආකාරයයි. එම දර්ශන පෙලේ විශ්වසනීයත්වය එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් විසින් තහවුරු කර ඇත.



එම දර්ශන 'බිහිසුණු හා කම්පා කරවන සුළු' යුද අපරාධ පිළිබඳ සාක්ෂි දක්වන්නේ යයි ප්‍රකාශ කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසම (LLRC) එහි සත්‍යතාව පිළිබඳ විනිශ්චයකට ඒම සඳහා ස්වාධීන විමර්ශනයක් නිර්දේශ කර අවුරුදු අටක් ගතවී ඇතත්, මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවක් එම නිර්දේශය ක්‍රියාත්මක කර නැත.

Sri Lanka panel finds Channel 4 film ‘strong evidence of war crimes’

සුදු කොඩි ඔසොවාගෙන පැමිණි කෝටි සංවිධානයේ නඩේසන් සහ පුලිදේවන් ඇතුළු පිරිස් ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හඳුන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, පරණගම ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.

කෙසේවෙතත්, ප්‍රසිද්ධියට පත්වී ඇති දර්ශන ගණනාවකින්ම යුද හමුදා අත් අඩංගුවේ කොටි සංවිධානයේ සාමාජිකයන් ඉන්නා ආකාරය දැක ගන්නට පුළුවන.

යුද බිමේදී මරා දමන ලද බවට රජය විසින් ප්‍රකාශ කරන ලද මාධ්‍යවේදිනී ඉසෙයිප්‍රියා සහ ප්‍රභාකරන් පුත් බාලචන්ද්‍රන් යුද හමුදා අත් අඩංගුවේ ඉන්නා ආකාරය JDS සංවිධානය විසින් පල කරන ලද තහවුරු කරන ලද ඡායාරූපවල දැක්වේ. ඒ දෙදෙනාම පසුව ඝාතනය කර තිබෙන ඡායාරූපද ඔවුන් විසින් පල කර ඇත.

යුද සමයේම ප්‍රසිද්ධියට පත් තවත් ඡායාරුපයක හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා LTTE සෙබලියන් පිරිසක් අත් අඩංගුවේ තබාගෙන සිටින ආකාරය දැක්වේ.  

Sri Lanka admits having a record of Tamil rebels surrendered

අත් අඩංගුවට ගන්නා ලද හෝ භාරවූ හෝ දෙමළ සිරකරුවන් නීතිවිරෝධී ලෙස වධකාගාරයක රඳවා තබාගෙන ලිංගික දූෂණය ඇතුළු වධබන්ධන පැමිණවූ බවට  තොරතුරු රැගත් වාර්තාවක් 2017 දී ප්‍රසිද්ධියට පත් කරමින්  සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP)  විසින් ඊට වගකිව යුතු බවට චෝදනා නැගෙන හිටපු හමුදා ප්‍රධානියකු ඇතුළු සෙන්පතියන් පස් දෙනකු පිළිබඳ විමර්ශන පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබුණි.

වවුනියාවේ ජෝසප් කෑම්ප් අණදෙන නිලධාරීන්ව සිටි ජගත් ජයසූරිය, කමල් ගුණරත්න, සුමේධ පෙරේරා, බොනිෆස් පෙරේරා සහ ජීවක රුවන් කුලතුංග ඒ ජනරාල්වරුන් පස් දෙනාය.

(සිංහල වාර්තාව)

මාධ්‍යවේදී නිරෝෂ් වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥ ස්වස්තිකා අරුලිංගම් හමුදාවේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්  හමුදාවට භාර වූ බවට සාක්ෂි ඉදිරිපත් කළ බව ටැමිල් මිරර් පුවත්පත වැඩි දුරටත් වාර්තා කර තිබේ.

යුද හමුදාව පවසන ආකාරයේ තොරතුරු  පුනරුත්ථාපන කාර්යාංශය සතුව නොමැති බවත් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව හමුවේ අවධාරණය කර තිබේ.


හංගන්න දෙයක් නෑ



දෙපාර්ශ්වයේම තර්කවලට ඇහුම්කන් දුන් කොමිසම  “රජයම මේ ප්‍රශ්න ජාත්‍යන්තර සංවිධානවලට විවිධ ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා 2009 සිදුවීම් ගැන දැන් හංගන්න දෙයක් නැහැ.” යනුවෙන් හමුදාවට පවසා ඇත. යුද්ධයේ අවසන් සමයේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් යුද හමුදාවට භාර වු බවට තමන් සතුව පවතින තොරතුරු දින 10 ක් තුළ කොමිසමට ඉදිරිපත් කරන ලෙස පවසා ඇති කොමිසම ඊට ලිඛිතව ප්‍රති පිළිතුරු සපයන ලෙස යුද හමුදාවට නියෝග කර තිබේ.



ලබන ජනවාරි 4 වැනිදා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව හමුවේ යළි අභියාචනය කැදවීමට නියමිතය.

උතුරු නැගෙනහිර දෙමළ ජනයා 2009 සිට අවධාරණය කරන කරුණක් වන්නේ දෙමළ විමුක්ති කොටි සංවිධානයට කිසියම්ම හෝ සම්බන්ධයක් තිබුණු අයකු වේ නම් යුද්ධාවසානයෙදී රජයේ කැඳවීම පරිදි යුද හමුදාවට බාර දෙනු ලැබූ බොහොමයක් අතුරුදහන් කර ඇති බවයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ රජයේ කාර්යාලයේ (OMP) පිළිගැනීම අනුව එම පිරිස විසිදහසක් පමණ වෙයි.

(චැනල් 4 වීඩියෝවේ සිංහල පිටපත මෙතනින් )

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්