1200 x 80 DMirror

දින 15කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත තමන් සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.



 එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් 'නෙත් නිවුස්' සමග සංවාදයකට එක්වෙමින් සදහන් කළේ පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කළද ඊට අදාළ ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ඉන්ධන හිගය නිර්මාණය වීමට ප්‍රධාන ලෙස බලපෑ බවයි.  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් සමග සිදු කළ සම්පූර්ණ සංවාදය පහත දැක්වේ. 

 

ඉන්ධන ඇනවුම් නොකළ ඉන්ධනහල්වලට දඬුවමක් !

මේ අතර ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

මේ හේතුවෙන් දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වැසී ගොස් තිබූ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ දඬුවම් ක්‍රියාමාර්ගය හේතුවෙන් පාරිභෝගිකයින්ට අපහසුතාවට පත්වීමට සිදුවූ බවය.

"දඬුවමක් වශයෙන් දින 3කට ඉන්ධන ලබාදීම අත්හිටුවීම නිසයි තෙල් හිඟය ඇති වෙලා තියෙන්නේ. හෙට විතර වෙද්දි බොහෝ පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙයි. දඬුවම් ක්‍රියාමාර්ගය නිසයි පාරිභෝගිකයින් අපහසුතාවට පත් වෙන්නේ."

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ, විෂය භාර අමාත්‍යවරයාගේ තීන්දු තීරණ මෙම තත්ත්වය නිර්මාණය කළ බවය.

"ඇමතිවරයාගේ තීන්දු මේ තත්ත්වය නිර්මාණය කළේ. දින 3ක් ඇණවුම් නොකළොත් තෙල් දෙන්නේ නැහැ කියනවා. මේ සංචාරකයින් පැමිණෙන කාලය. තෙල් හිඟයක් පෙන්නලා සංචාරක කර්මාන්තය බිඳ වට්ටන්න හදනවාද කියලා සැකයි."

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය