theleaderlk 01

තිළිණි ප්‍රියමාලි ගේ මුල්‍ය වංචාවට අනුග්‍රහය දක්වා ඇතැයි කියන ජනප්‍රිය නිළියන් දෙදෙනකු සම්බන්ධයෙන් ලැබී ඇති සාක්ෂි මත ඔවුන් අත්අඩංගුවට

ගැනෙනු ඇතැයි 'දේශය' පුවත්පත වාර්තා කරයි.


මෙම තැනැත්තියන්ගෙන් එක් අයකුගෙන් දැනටමත් රහස් පොලීසිය මූලික ප්‍රශ්න කිරීමක් සිදු කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.


තිළිණි ප්‍රියමාලි ගේ හඬපට ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ කරුණු අනුව එක්තරා ජනප්‍රිය නිළියකගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හඬපටවල ඇති අසභ්‍ය සංවාද සම්බන්ධයෙන් තමන්ට කිසිවක් මතක නැතැයි ඇය පැවසූ බව සඳහන් වෙයි.


ඒ අතර දැනට මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තමන් මාර්ගඵල ලාභියෙක් බව කියා ගන්නා බොරැල්ලේ සිරිසුමන හිමියන් සම්බන්ධයෙන් රහස් පොලීසිය කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ, ප්‍රියමාලිගේ ඉල්ලීම අනුව එක්තරා ධනවත් ව්‍යාපාරිකයකු හමුවට ගොස් ආවේශ වී (මායම් වී) ඔහු ළඟ ඇති කෝටි 75ක පමණ මුදලක් ප්‍රියමාලි ළඟ තැන්පත් කරන ලෙසත් එසේ නොකළහොත් ඔහුට මහත් ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් කියා බියට පත් කළ බවය.


ප්‍රියමාලිගේ රත්රන් පොලු ජාවාරමකට සම්බන්ධ ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද සිරිසුමන හිමියන් ගැන වෙනම පරීක්ෂණයක් සිදු කරන බව පොලීසිය පවසයි.


දැනට සිදුකරන පොලිස් විමර්ශනවලට අනුව දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ ජනප්‍රිය නළුවෙක් හා ඔහුගේ බිරිඳ ද තිළිණි සමග ව්‍යාපාර ගනුදෙනු සිදුකර ඇතැයි වාර්තාවේ.


රත්තරන් කපුමහත්තයත් වැඩේට මාට්ටු !

 krishantha pushpakumara

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි

 

මේ අතර, තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන විසින් ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ලබා දුන් මුදල් සම්බන්ධයෙන් වන හඬපටයක් මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රචාරය වේ.


ඒ අනුව, එම චෝදනා සම්බන්ධයෙන්ගාල්ල - බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ කපුමහතා වන ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ තිලිණි ප්‍රියමාලි එවැනි චෙක්පතක් ලබාදුන්න ද එය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අදාළ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් 35,000 ක මුදලක් පමණක් බවයි.
 

ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo