ඇමැතිධුර සඳහා නම් කරමින් යැවූ මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ ගැටලුවක් මත කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල්යමින් තිබෙන බව රජයේ ආරංචි

මාර්ග උපුටා දක්වමින් 'ලංකාදීප' වාර්තා කර තිබේ.  


කැබිනට් අමාත්‍යධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මීට මාස කීපයකට පෙර යවා තිබූ අතර,එහි සඳහන් මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ නම් සම්බන්ධ ගැටලුවක් මෙම පත්කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.


ඇමතිධුර පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ද නිතර නිතර විමසා ඇති නමුත්, නම් කිහිපයක් සම්බන්ධයෙන් පවතින අකැමැත්ත මත එය තවදුරටත් ප්‍රමාද වී ඇතැයි දැනගන්නට තිබේ.


මේ තත්වය හේතුවෙන්, ඇමතිධුර නොලැබීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද දැනගන්නට ඇත.


කෙසේවුවද කැබිනට් අමාත්‍යධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් නිර්දේශ කර තිබෙන පොහොට්ටු මන්ත්‍රීවරුන් දොළොස් නම් ලැයිස්තුවේ නාමල් රාජපක්ෂගේ නම ද සඳහන්ව ඇතත් ඔහු අමාත්‍ය ධුරයක් බාර නොගන්න බව ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. 


'හතරකට ඇමැතිකම් දෙන්නෙම නෑ' - ජනාධිපති දැඩි ස්ථාවරයක්



MR RW DG

මේ අතර 'අරුණ' පුවත්පත වාර්තා කර ඇත්තේ, කැබිනට් මණ්ඩලය පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති බවත්, එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු සිවු දෙනකුට ඇමැතිධුර නොදීමටද එකඟතාවට පැමිණ ඇති බවත්ය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ආණ්ඩුවේ අයවැය ලේඛනය ලබන දහහතරවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි.
 

එහිදී දැනට ඇමැතිධුර දරන ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විෂය පථයන්ද වෙනස් වන අතර මුදල් ඇමැතිධුරයද වෙනස් වීමට නියමිත බව 'අරුණ' පුවත් වාර්තාවේ සඳහන් වේ.


නව මුදල් ඇමැති සබ්රි !


විසි එක්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති එක් වගන්තියක් වන්නේ ආරක්ෂක ඇමැති ධුරය හැර වෙනත් ඇමැති ධුරයන් දැරීමට ජනපතිට නොහැකි බවය.
 

ඒ අනුව දැන් ජනපතිවරයාට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමැති ධුරය දැරීමට නොහැකිය. එම නිසා දැනට විදේශ කටයුතු ඇමැති ධුරය හොබවන අලි සබ්රි මන්ත්‍රිවරයා මුදල් ඇමැති ධුරයට යළි පත් කිරීමට යෝජනා වී ඇතැයි 'අරුණ' වාර්තා කරයි.
 

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම මුදල් ඇමැතිවරයාට පැවරෙයි.
 

නව කැබිනට් මණ්ඩලයට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු කිහිපදෙනකුද එක්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්