theleaderlk 01

# බැංකු පද්ධතියේ අදායම් බදු වංචාවක් !



# රාජ්‍ය බැංකුවක ඉහලම නිලධාරීන් වාහන මංකොල්ලයක !

# උකස් කළ රන් භාණ්ඩ ගල් කරලා !

# ATM කාඩ් පත් වල රහස්‍ය අංක සොරකම් කොට ගනුදෙනුකරුවන්ගේ මුදල් වලටත් වැඩේ දීලා!

# ලොක්කන් සිද්ධි යට ගසයි !

# වංචා කිරීමේ සිදුවීම් රැසක් !



බැංකු පද්ධතිය තුල සිදුව ඇතැයි කියන මහා පරිමාණ අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු රාශියක් ප්‍රගති බැංකු සේවක සංගමය විසින් අනාවරණය කරයි.


ගනුදෙනුකරුවන් උකස් කරන ලද රන් ආභරන ඇතුළු භාණ්ඩ ඇතැම් බැංකු නිලධාරීන් විසින් සොරකම් කිරීමේ සිදුවීම් මෙන්ම, බැංකු කාඩ් පත් වල රහස්‍ය අංක සොරකම් කොට මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් පාලනාධිකාරිය විසින් යට ගසා ඇතැයි ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ උප ලේකම් ආර්.යු.ඩබ්.කේ දිසානායක විසින් අවධාරණය කර සිටියි.


ප්‍රධාන රාජ්‍ය බැංකුවක් පිළිබඳව ඔහු එම කාරණා අනාවරණය කර ඇත්තේ, Mee Massoo TV අන්තර්ජාල නාලිකාව සමග සාකච්චාවකට එක්වෙමිනි.


බැංකු සේවකයින්ගෙන් ආදයම් බදු අයකිරිම පැහැර හැර එම මුදල් අදාල බැංකු විසින්ම ගෙවා දමන බව පවසන ආර්.යු.ඩබ්.කේ දිසානායක, ප්‍රධාන රාජ්‍ය බැංකුවක ඉහල මාණ්ඩලික නිලධාරීන් විසින් වාහන මංකෙල්ලයක් සිදුකරන බව ද චෝදනා කරයි.


එම සිදුවීම් මාධ්‍යයේ ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා මාධ්‍යයට අල්ලස් ලබා දෙන බවට ද ආර්.යු.ඩබ්ලිව්.කේ දිසානායක මෙහිදී බරපතල චෝදනාවක් කර තිබේ.  

 

නවතම පුවත්