අමාත්‍ය ධූර 4ක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.


එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කරනු ලැබ තිබේ.


ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය මෙන් ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වනු ඇත.


මෙම අමාත්‍යංශ 4ට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතේ පවතී.

 

''දැන් 22 වන සංශෝධනය කෝ? මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන, කාන්තා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ජනපති යටතට ගැනෙන ගැසට් පත්‍රයක් නිකුත් කරලා.'' ප්‍රවීන දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා විමසයි.

 

විසි එක්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරක්ෂක ඇමැති ධුරය හැර වෙනත් ඇමැති ධුරයන් දැරීමට ජනපතිට නොහැකි බැවින් ජනපතිවරයාට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමැති ධුරය දැරීමට නොහැකි බවත් එම නිසා දැනට විදේශ කටයුතු ඇමැති ධුරය හොබවන අලි සබ්රි මන්ත්‍රිවරයා මුදල් ඇමැති ධුරයට යළි පත් කිරීමට යෝජනා වී ඇති බවත් සති අන්ත පුවත්පත් වාර්තාවල සඳහන්ව තිබිණ.  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image