1200 x 80 DMirror

ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, පානදුර කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බවය.

ගුරුවරියගේ බෑගයේ තිබූ මුදල් පසුම්බියක් සොරකම් කළ බවට චෝදනා කරමින් අදාළ විද්‍යාලයේ විදුහල්පතිනිය හා ගුරුවරියක් විසින් ළමුන් පුස්තකාලය වෙත රැගෙන ගොස් පසුගිය දෙවැනිදා පහර දී තිබිණ.

අනතුරුව එම ළමුන් පිරිස පොලිස් නිලධාරින් පැමිණ පොලිසිය වෙත ගෙන ගොස් ඇත්තේ, විදුහල්පතිනියගේ දැනුම්දීම අනුවයි.

පොලීසිය වෙත රැගෙන යන අතරතුර ජීප් රථයේදී ළමුන් තුන් දෙනෙකුට විදුලි සැර වැදී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ඒ අයුරින් ළමුන්ව පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා සිය පොලිස් ඒකකය භාරයට ගත් බවය.

පහරකෑමෙන් තුවාල ලැබූ දරුවන් හොරණ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර එක් දරුවකුට එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබුණි.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කිරීමට දරුවන්ගේ මව්පියන් පියවර ගෙන තිබූ අතර ඒ සැණින් ක්‍රියාත්මක වූ එම අධිකාරිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

මෙම සිද්ධියට අදාළව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසයි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය