මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ජනප්‍රිය චිත්‍රපට

නළුවකු හා දේශපාලනඥයෙකු වන ජීවන් කුමාරතුංග ගෙන් සහ ඔහුගේ බිරිය ෂෙරීන් කුමාරතුංග ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන ඇත.


ඒ අතර ජනප්‍රිය චිත්‍රපට නිළියක සහ ප්‍රකට ව්‍යාපාරිකාවක වන සංගීතා වීරරත්නගෙන් ද රහස් පොලිසිය ඊයේ (නොවැ. 7ද) පැය 7ක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන තිබේ.


ජීවන් කුමාරතුංග සහ ඔහුගේ බිරිය ඉකුත් සෙනසුරාදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දී තිබිණි. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ දැනුම්දීම මත ය.


සංගීතා වීරරත්න ඊයේ උදෑසන 9.00ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී සවස 4.00ට පමණ ඉන් පිටව ගොස් තිබේ.


තිලිණි ප්‍රියමාලි සමග පැවති ගනුදෙනු සම්බන්ධයෙන් ද ඇය සමග කළ ඇසුර සම්බන්ධයෙන් ද රහස් පොලිසිය මෙම තිදෙනාගෙන් ම ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන ඇතැයි වාර්තාවේ.


ජනප්‍රිය චිත්‍රපට නිළියක සහ නළුවෙකු රහස් පොලිසිය මග හරිමින් සිටින බවට පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා පලවී තිබිණ.


එමෙන් ම මෙම නළුවා සහ නිළියන් තිදෙනා තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරවල රුපියල් කෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු රහස් පොලිසිය සතුව තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් ද රහස් පොලිසිය ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

 

ජීවන් කුමාරණතුංග විසින් අධ්‍යක්ෂණය කරන ලද ජීවා නමැති චිත්‍රපටියට තිළිණි ප්‍රියමාලි විසින් මුදල් යෙදවීම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

 

මෙම තිදෙනා ම තිළිනි සමග ප්‍රියසාද, චිත්‍රපට උළෙලවල් හා ඇය සමග සමීප ඇසුරක් පවත්වා ඇති අතර තිළිණි සමග මොවුන් ගන්නා ලද ඡායාරූප ද ඇතැම් සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචාරය කර තිබිණි.

Thilini Priyamali 23z p29 Jeewan

කෙසේ වෙනත් රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී මොවුන් පිටව ගිය අතර නැවතත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ ලබා ගැනීමට කැඳවන බව ද වාර්තා වේ.


තිලිණි සමග මෙසේ සබඳකම් පැවැත්වූ බව කියන චිත්‍රපට නිළි සේමිනී ඉද්දමල්ගොඩගෙන් ද මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 4ක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබිණි.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර ගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්