මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබිණ.


ඒ, ඔක්තෝබර 17 වැනිදා ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කරන ලදැයි කියන පෝස්ටුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

එම පෝස්ටුව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට උපදෙස් ලබාදී ඇත්තේ පොලිස්පතිවරයා විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම මාධ්‍යවේදියාට දැනුම්දී තිබිණි.

ඒ අතර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන අද දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) කැඳවා තිබිණ. ඒ,
ඔහුගේ ද ෆේස්බුක් පිටුවේ පළ කරන ලදැයි කියන පෝස්ටුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

fcv

fcv0

 


මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න අමතා ලිපියක් යොමුකර ඇති ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පවසන්නේ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් පළ කරන ලද එම පෝස්ටුව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස තම සංවිධානය විසින් ගත් සාමූහික තීන්දුවක් අනුව සකස් කරන ලද්දක් වන අතර එය මුලින්ම පළ කරනු ලැබුවේ ද ඔහු විසින් නොව සංගමය විසින් බවයි.


ඔහු මෙන්ම තවත් දහස් ගණනක පිරිසක් එම පෝස්ටුව යළි පළ කිරීම සහ/හෝ ෂෙයාර් කිරීම කරන්නට ඇතත් එම පෝස්ට්ටුවේ සම්පූර්ණ වගකීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බාර ගනු ලබන බව ද එම ලිපියේ සඳහන් වේ.

''ඔක්තෝබර 09 වැනිදා පැවැති සාමකාමී සැමරුමට ශ්‍රී ලංකා පොලිසියේ පිරිසක් ම්ලේච්ඡ ලෙස පහරදීම සහ බාධා කිරීම සම්බන්ධයෙන් එදිනම අපි ඔබට දැනුම්දීමක් කළ ද ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් විමර්ශනයක් ආරම්භ කළ බවක් දැනුම්දී නැත. එවැනි පසුබිමක එවැනි සාමකාමී විරෝධතාවකට කඩා වැදී දරුවන් ඇතුළු පිරිසකට අඩත්තේට්ටම් කිරීම සහ  පිරිසක් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.'' තරිඳු ජයවර්ධනගේ ලිපියේ සඳහන් වේ.

එලෙස ශ්‍රී ලංකා පොලිසියේ පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරද්දී අයුතු අවහිරය, අයුතු සිරකර තැබීම, පහරදීම ඇතුළු අපරාධ වරදවල් රැසක් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් ඔබ විසින් නිසි විමර්ශනයක් ආරම්භ නොකිරීම නිසා සහ පසුගිය කාලයේ ඔබගේ පක්ෂපාතී හැසිරීමක් පෙන්නුම් කළ නිසා ඔක්තෝබර 09 වැනිදා නීති විරෝධී ක්‍රියා කළ සියලු පොලිස් නිලධාරීන්ට එරෙහිව පුද්ගලික වශයෙන් අපරාධ නඩු පැවරීමටත්, දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩු පැවරීමටත්, මූලික අයිතිවාසිකම් නඩු පැවරීමටත් තම සංවිධානය තීරණ කර ඇතැයි ද එම ලිපියේ දැක්වේ.

ඊට පහසුවීමක් පිණිස නීතිය උල්ලංඝනය කරන බවට පැහැදිලිවම හඳුනා ගත් නිලධාරීන්ගේ නම් තනතුරු සහ ලිපිනයන් අවශ්‍ය වූ අතර එම අපරාධ සැකකරුවන්ගේ අදාල විස්තර ලබා ගැනීම සඳහා තම සංවිධානය මහජන සහාය පැතු බවද ඔහු කියා සිටියි.

xdfger
                                                                       මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කෙරෙන සමාජ මාධ්‍ය පොස්ටුව



තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිගේ ලිපියේ මෙසේද සඳහන් වේ.

'' ඔවුන් අපරාධවැරදිවලට සහ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට සනාථ කළ හැකි සියලුම සාක්ෂි මේ වන විටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලබාදී තිබේ. පුරවැසියන්ගෙන් එම නිලධාරීන් ගැන ලැබුණු තොරතුරු මත නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව අපපරාධ නඩු ගොනු කර ඇති අතර තවත් පිරිසකට එරෙහිව නඩු පැවරීමට නියමිතය. ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ඡායාරූප සට ඊට අදාල විස්තර ලබා දී තිබේ. එමෙන්ම තවදුරටත් නඩු ගොනු කිරීමට කටයුතු කරමින් තිබේ.

එසේ තිබියදී එම අපරාධ සැක නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා වෙනුවට ඔබ විසින් එය ෂෙයාර් කළ හෝ නැවත පළ කළ පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම මෙම නඩුවලට, මානව හිමිකම් විමර්ශනවලට මෙන්ම යුක්තිය ඉෂ්ඨ කිරීමේ ක්‍රියාවලියටද දැඩි බාධාවකි.

 එසේ හෙයින් සාක්කිකරුවන් හෝ වින්දිතයන් හෝ මෙම තොරතුරු සොයා ගැනීමට දායකවූවන් මර්දනය කිරීම නතර කර, අදාල අපරාධ සැක පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.''

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්