රාජ්‍ය අංශය කුඩා කළ යුතු බව ජවිපෙ නායක අනුර දිසානායක කියයි.

හැම රජයක් විසින්ම කළේ පුළුවන් තරම් රජයේ රස්සා දීම බවත් මේ වන විට එය රටේ ආර්ථිකයටම බරක් වී ඇති බවත් අනුර මෙහිදී පෙන්වාදෙයි.

දේශපාලකයන්ගෙ පස්සෙ වැටී රස්සා ඉල්ලමින් යන ජනතාවද මේ ගැන වගකිව යුතු බව ඔහු පවසයි. තමන්ගේ රජයකින් රජයේ රැකියා දීම සිදු නොකරන අතර රැකියා උත්පාදනය කළ හැකි ආර්ථික පරිසරයක් ඇති කිරීමට කැපවන බව ඔහු අවධාරණය කරයි.

කාලයක් ගතවී හෝ ජවිපෙ මේ පැමින තිබෙන්නේ ඉතා දියුණු වටහාගැනීමකට බව නොකියා බැරිය. රටේ ආර්ථිකය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රාජ්‍ය අංශය කුඩාකරමින් පුද්ගලික අංශය විශාල කිරීමේ අවශ්‍යතාව පක්ෂ භේදයකින් තොරව සියල්ලන් වටහා ගත යුතු තීරණාත්මක අවධියකයි අප මේ සිටින්නේ.

මෙවන් රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ  ගැන සියලු දේශපාලන පක්ෂ සහ ජනතාව දැනුවත් එකඟතාවයකට ගනු පිණිස ගොඩයමු නමින් ජාතික ව්‍යාපාරයක්ද හෙට නිදහස් චතුරශ්‍රයෙන් ඇරඹීමට නියමිතය #godayamu

002


සබැඳි පුවත් :

ගොඩ යමු ! - රාජගිරිය මහජන උද්ඝෝෂණය අද (07) සවස

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්