ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණ තිබේ.


වනිදු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක් ICC හොඳම පන්දු යවන්නා ලෙස පත්ව සිටි ඇෆ්ගනිස්ථාන පාදඟ පන්දු යවන්නා වන රෂිඩ් ඛාන් දෙවන ස්ථානයට පත් කරමිනි.


වනිඳු විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර 2021 වසරේ නොවැම්බර් මස විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත්තේය.


ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දස්කම් දැක්වීමත් සමඟ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 704 ක් බවට පත්මක් සමඟ වනිඳු පෙරමුරණ පැමිණියේය.


වනිඳු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 15 ක් දවාගනිමින්, මේ දක්වා වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වී සිටියි.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්