ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව ඕස්ට්‍රේලියාවේ දී අද (09) යළි කැඳවීමට නියමිතව

තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී හා ශ්‍රී ලංකා - සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති ආචාර්ය චානක සේනානායක පැවසුවේ ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් එම නඩුව යළි කැඳවා ඇති බවයි.


පැමිණිලිකාර පාර්ශවය විසින් මෙම නඩු විභාගය මාධ්‍යයට විවෘත නොකරන ලෙස කළ ඉල්ලීමද එහිදී සලකා බැලීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


මාධ්‍ය කැඳවන්න එපා ! - පැමිණිලිකාර පාර්ශවයේ ඉල්ලීමක්


මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය චානක සේනානායක මෙසේ සඳහන් කළේය.


"ලේඛනවල තියෙනවා පරස්පර විරෝධීතාවයක්. ඒ වගේම මාධ්‍ය කැඳවන්න එපා කියලා ඔවුන් ඉල්ලීමක් කරනවා. මොකද මාධ්‍යවේදීන් 50කට අධික සංඛ්‍යාවක් උසාවියේ ඉඳලා තියෙනවා. ඔවුන් කියනවා නඩුව මාධ්‍යවේදීන් නැතුව කැඳවන්න කියලා. නමුත් අපි කියලා තියෙන්නේ එහෙම කරන්න එපා මේකේ ඇත්ත තත්ත්වය හැමෝටම දැනගන්න ඕනේ. ඒ නිසා මාධ්‍යවේදීන්ට අවසර දෙන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙනුත් මූලික විරෝධතාවයක් අපිත් ගොනුකරලා තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි කතාවෙන්නේ.


මේ තියෙන තත්ත්වය අනුව ඔහුට මේ නඩුවෙන් ලේසියෙන් ගළවගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඒ අයටත් පේන්න පුළුවන්. මොකද බරපතළ නැති නිසා, හිඩැස් තියෙන නිසා. ඒ අයට තේරුම් ගියොත් මේ නඩුව ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔවුන් ඉල්ලා අස්කර ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ."



ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප අයදුම්පතක්

 
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සඳහා ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන්ද ආචාර්ය චානක සේනානායක මෙසේ කරුණු පැහැදිලි කළේය.
 
 
''බේල් ඇප්ලිකේෂන් තීන්දුවට එරෙහිව අභියාචනයක් සුප්‍රින්කෝට් උසාවියේ ෆයිල් කරනවා. නමුත් හොයලා බලපුවාහම ඒකට කාලය යනවා වැඩී. එම නිසා අපි තීරණය කරා දෙවැනි ඇප්ලිකේෂන් එක.. බේල් ඇපිලිකේෂන් එකක් මහෙස්ත්‍රාත් උසාවියේම වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේදී කඳවීමට ඉල්ලීමක් කරන්න. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේස් ප්‍රාන්තයේ හිටපු ඇටෝනි ජනරාල් රේක ස්මිත් මහතා දැන් අපේ නීතිඥ මණ්ඩලයේ ආනන්ද අමරණාත් මහතාත් සමග එකතුවෙලා තියෙනවා. ඒ අය තමයි සාකච්ඡා කරලා තීරණය කළේ. දෙවන ඇප්ලිකේෂන් එකක් ෆයිල් කරමු මහෙස්ත්‍රාත් උසාවියේම අලුත් තොරතුරු සමග කියලා. ඒක බොහෝම ඉක්මනින් ගන්න පුළුවන්. මම හිතන්නේ සිකුරාදා වෙනකොට ඒක හරියනවා. එහෙම වුණොත් සිකුරාදා හෝ සඳුදා නැවතත් නඩුව ඉස්සරහට ගන්න වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී නැවතත් ප්‍රතික්ෂේප වුණොත් අපිට පුළුවන් වෙනවා සුප්‍රීන් උසාවියට ගිහිල්ලා ඇපීල් කරන්න."
 


ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි තරුණියක් ගොනුකළ ලිංගික අතවර චෝදනාවක් හේතුවෙන් එරට පොලිසියේ අත්අඩංගුවට ගැනුණු ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියා අධිකරණයෙන් ඇප ලබාදීම ප්‍රතික්ෂේපවීම නිසා තවමත් ඔහු පොලිස් අත්අඩංගුවේ පසු වේ.
 

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩව ඊයේ (08) ක්‍රීඩා අමාත්‍යංශය වෙත කැඳවා තිබුණි. 
 


සබැඳි පුවත් :

ධනුෂ්ක ගුණතිලකලා තේරුම් ගැනීමට චිත්‍රපට දෙකක් ! - (විදර්ශන කන්නන්ගර)

ධනුෂ්කට වූ දේ පිරිමි කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගනිමු ! - (චින්තන ධර්මදාස)

ධනුෂ්ක ගුණතිලක බන්ධනාගාරයට - ඉහළ උසාවියකට ඇප අයැදුමක් !

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)

ධනුෂ්ක ගුණතිලක ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි : කුමක් වෙයිද?

ධනුෂ්ක ගුණතිලකට ජාතික හා ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් !

ධනුෂ්ක ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට - චෝදනා 04ක් !

 

akd 1600x500

worky sin

නවතම පුවත්