1200 x 80 DMirror

තිරුක්කෝවිල් පොලිස් වසමේ පිහිටි තම්බිලුවිල් මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් අතරතුර

සිසුවෙකු මිය ගොස් තිබේ.


පොලිසිය සඳහන් කළේ, අදාළ සිසුවා අනපේක්ෂිත ලෙස සිහිසුන් වීම හේතුවෙන් තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ය.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍ය අධිකාරි විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.


මිය ගිය සිසුවා තම්බිලුවිල් මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 13ක් වූ තම්බිලුවිල් ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.


ඔහු එම පන්තියේ ම තම මිතුරෙකු සමග පන්ති කාමරයේ ඇති සිසු මේසයක තීන්ත ආලේප කරන අතරතුර තම මිතුරාට තීන්ත විසිවීම හේතුවෙන් ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති බව පොලිසිය පැවසීය.


එහිදී මිය ගිය සිසුවා අනෙක් සිසුවාට පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ සිසුවා මිය ගිය සිසුවාට පහර දුන් අවස්ථාවේ එම සිසුවා අනපේක්ෂිත ලෙස සිහිසුන්ව බිම ඇද වැටී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අම්පාර රෝහල වෙත යොමුකර තිබේ.


සිද්ධියට සම්බන්ධ සිසුවා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත්ව පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබයි.


තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(mawbima.lk)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය