theleaderlk 01

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අද (09) පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී

නවසීලන්තය කඩුලු 7 කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 152ක් රැස් කළේය.

නවසීලන්තය වෙනුවෙන් ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 53ක් සහ කේන් විලියම්සන් ලකුණු 46ක් රැස් කරනු ලැබිය.

පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් ෂහින් අෆ්රිඩි කඩුලු 2ක් සහ මොහොමඩ් නවාස් එක් කඩුල්ලක් දවා ගත්හ.

ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 19යි 01ක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

පාකිස්ථානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 53ක් සහ මුහමඩ් රිස්වාන් ලකුණු 57ක් රැස් කරනු ලැබිය.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

නවතම පුවත්