ජනතාවට දරාගත හැකි පරිදි රජය බදු ප්‍රතිපත්තිය සංශෝධනයක් සහිතව ඉදිරිපත් නොකළහොත්

පාර්ලිමේන්තුවේදී එය පරාජයට පත්කරනු ලබන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අවධාරණය කර සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් එසේ සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අද (09) පැවති විවාදයට සහභාගී වෙමිනි.

''මෙච්චර කෙලවෙලා තියෙද්දි බදු පිට බදු ගහද්දිත් හොරකම නතර වෙලා නැහැ'' යයි ඔහු පැවසුයේ ගෑස් ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන බරපතල වංචාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.



'' ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණායින් පස්සේ ගජ මිතුරන්ට බදු සහන ලබා දීලා රජයේ වාර්ෂික ආදායම බිලියන 800 කින් අහිමි කර ගත්තාට පස්සේ තමයි මේ ආර්ථික අර්බුදයේ මූලබීජය වැපුරුණේ. ඒකත් එක්කම පොහොර තහනම හරහා නිෂ්පාදනය අකර්මණ්‍ය වීමෙන් මේ පරස්පරතාවය විශාල වශයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. ''



පාර්ලිමේන්තු විවාදයේදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''රනිල් ඉස්සර නං කිව්වේ රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියල ' 

''දැන් රනිල් වික්‍රමසිංහ රජතුමා ජනාධිපති වෙන කොටත් අපි පහුගිය රජයට කිය කියා හිටියා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමග සාකච්ඡා කරලා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. අපි දන්නවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න ණයහිමියන් එක්ක කතා කරනකොට ඔවුන් කල්පනා කරනවා අපේ ගෙවීමේ හැකියාව. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික සාකච්ඡා වටයන්ට ගිහාම, ඔවුන් අපේ ගෙවීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විවිධ උපදෙස් ලබා දෙනවා. ඒ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිගන්නවාද නැත්නම් ඒ උපදෙස් වල අරමුණු ක්‍රියාත්මක  කිරීම සඳහා අපට අනන්‍ය වූ ආර්ථික ක්‍රමයක් අනුගමනය කරනවද කියන එක අපේ ප්‍රශ්නයක්.  

අපට පේනවා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරන සාකච්ඡා එකක්වත් මේ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් හැම වෙලේම කිව්වේ රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, ඒ නිසා මූල්‍ය සම්බන්ධ සම්බන්ධ කාරණා අනුමත කරන්න කලින් පාර්ලිමේන්තුව විසින් දැන ගත යුතුයි කියලා.

 රජය කියනවා staff level agreement එකක් තාම නැහැ කියලා, සාකච්ඡා විතරයි තියෙන්නේ කියලා. Staff level agreement  එකට අවශ්‍ය එකඟතාවයන්ට පැමිණිලා තියෙනවා කියන එක අපිට ආරංචියි. මේ පාර්ලිමේන්තුවට නොදුන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වටේ ඉන්න කල්ලි කණ්ඩායම්, ඡන්දෙන් පැරදිච්ච ඒ අය දාලා හදපු කමිටු වල ඉන්න අය දන්නවා. ජනතාවට වගකියන පාර්ලිමේන්තුව දන්නෙ නැහැ.  දැන් ඒ එකඟතාවයන්ට ආපු දේවල් තමයි මේ ඉදිරිපත් කරන්නේ.



අපි ගෝඨාභයට චෝදනා කළා අසීමිත ලෙස බදු සහන ලබාදීම නිසා තමයි මේ ආර්ථිකය කඩා කඩාවැටීම පිපිරීම ආරම්භ උනේ කියලා. ඔව් ඒ නිසා බදු වැඩි කිරීම අවශ්‍යයි. හැබැයි මේ විදියට බදු වැඩි කරන්න ගිහිල්ලා රට සම්පූර්ණයෙන්ම බංකොලොත්භාවයට පත් කරලා විනාශ කරන තත්ත්වයක් තමයි මතු වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට payee tax එක ගත්තොත් , රුපියල් 3000/- ක් ගෙවන එක්කෙනා මේ ඉදිරිපත් කරලා තියෙන ටේබල් එකට අනුව රුපියල් 35000/- ගෙවන්න වෙනවා. ඒ වගේම රුපියල් 6000/- ගෙවන කෙනා රුපියල් 52500/- ක් ගෙවන්න වෙනවා.



එතකොට තුන්දාහ ගෙවන කෙනා  2019 යෙදී ගෙවලා තියෙන්නේ රුපියල් විසිදාහයි. 6000/  ගෙවන කෙනා ගෙවලා තියෙන්නේ තිස් දාහයි. එදා මේ තරම් ආර්ථිකයේ බර ජීවන වියදම ජනතාවට තිබුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. මේ රටේ ගොවි මහත්මයාගේ ඉඳලා ඉහළ ශ්‍රේණියේ විධායක නිලධාරියා දක්වා, ඒ වගේම පල්ලෙහා ත්‍රීවිල් රථ මහත්වරුන් ගේ ඉඳලා විශාල ව්‍යාපාර කරන අය දක්වා හම්බ කරන දේවල් වලින් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් ඇවිල්ල තියෙන්නේ. අද වෙලා තියෙන්නේ ත්‍රීවිල් එකකට ලීටර් දහයක් දීලා ඔවුන්ට හයර් යන්න නැහැ. වැඩි ගානට  තෙල් ගන්නත් ඕන. ඉස්සර රුපියල් 50ක් දීල ත්‍රීවිල් එකේ ගියපු කෙනා යන්නෙත් නැහැ ඒක ඉතුරු කරගන්න බලනවා.


''කබලෙන් ලිපට නෙමෙයි පොළොවටම සමතලා වෙන තත්ත්වයක්''

ජීවන බර මෙච්චර ඉහළ ගිහින් තියෙන වෙලාවක එක පාරටම  මේ වගේ අසීමිත ලෙස බදු ඉහළ දැම්මහම කබලෙන් ලිපට නෙමෙයි පොළොවටම සමතලා වෙන තත්ත්වයක් තමයි වෙන්නේ.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා විවිධ යෝජනා දෙද්දී ඒවා එහෙම පිටින්ම ගෙනහල්ලා plant කරන්න නම මහා ආර්ථික විශේෂඥයෝ අපිට ඕනද? ඒකෙන් පේනවා ජනාධිපතිතුමාට කණ්ඩායමක් නැහැ. ඉන්න කණ්ඩායමට මොළයක් නැහැ. මොකද ඒගොල්ලෝ ම නේ ආර්ථිකය පුපුරවලා දැම්මෙත්. බදු කියන්නේ ආදායම වැඩි කර ගැනීමේ එක ක්‍රමයක් පමණයි. තව ඕන තරම් අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා.

මං එතනට එන්න කලින් කියන්නම්, මේ අයගේ මොළේ තරම බලන්නකො. දැන් අපනයනයෙන් තමයි අපිට ඩොලර් විශාල ප්‍රමාණයක් එන්නේ. මොකද ලංකාවෙ හොරා කන ක්‍රමය හින්ද සෘජු විදේශ ආයෝජන එන්නේ නැහැ. සංචාරකයෝ අඩුයි දේශපාලන අස්ථාවරභාවයක් නැති රටක. විදේශ ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ප්‍රමාණයක් තාම හරි මට්ටමට ඇවිල්ල නැහැ. එතකොට අපනයනයට එක පාර 30% ක tax එකක් දැම්මහම, ඔව් අපනයනකරුවන්ට ටැක්ස් එකක් දාන්න ඕන, ඒක සියයට දහයක් පහළොවක් වෙන්න පුළුවන්. 30% ක් ආපුහාම මොකද වෙන්නේ ඔවුන් ඔවුන්ගේ අපනයන ආදායම මෙහාට ගේන්නේ නැහැ. එතකොට ඩොලර් එන්නෙත් නැහැ මේ අර්බුදයට විසඳුමක් වෙන්නෙත් නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ අපනයන ආදායමෙන් එන මුදල් විදේශ රටවල තැන්පත් කරනවා.

ලක්ෂ ගාණක තරුණ විධායකයන්ගේ රැකියා අනතුරේ !

විශාල සමාගමක් සාමාන්‍යයෙන් ඕනම සමාගමක් OD facility තියාගෙන තමයි company එකක් පාලනය කරන්නේ. එතකොට පොලී අනුපාතය AWPCL  31% ට ආවහම බිස්නස් එකක් කරන්න බැහැ. සමහර සමාගම් 3% ක ලාභයක් තබාගෙන තමයි බිස්නස් කරන්නෙ. එතකොට ඔවුන්ට වියදම අඩු කරන්ඩ සිද්ධ වෙනවා. වියදම අඩු කරන්න ඉස්සෙල්ලාම මොකක්ද කරන්නේ, රැකියා කප්පාදුවකට යනවා. එතකොට අපි මේ බදු ප්‍රතිශතය එහෙම්පිටින්ම සම්මත කරන්න ඉඩ දුන්නොත් ලක්ෂ ගාණක තරුණ විධායකයන් ගේ රැකියා පිළිබඳ අවදානමක් තියෙනවා. මොකද ඒ company  සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මොකද උඩින් බැංකුවල පොලී අනුපාත වැඩි කරලා යටින් බදු අනුපාත වැඩි කරනකොට  ඔවුන් ඔවුන්ගේ වියදම් පාලනය කරන්න රැකියා කප්පාදුව ස්වභාවයෙන්ම සිද්ද වෙනවා. මහා ලොකු ආර්ථික ඔස්තාර්ලා නං නං ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේ තේරුම් ගන්න ඕන.

වර්තමාන ජනාධිපතිතුමා ආවට පස්සේ මේ රජය අපි කල්පනා කරලා බලමු එකම පියවරක් හරි අරගෙන තියෙනවද කියලා බදු නැතුව අලුත් ආදායම් මාර්ග බිහිකරන්න. අද ලෝකයේ ඉහළින්ම තියෙන ආදායම් ලබන වර්ග දෙකක් තමයි education සහ medical tourism. එහෙම දෙයක් මෙහෙ වෙන්නේ නෑ. 


උදාහරණයකට අවුරුද්දකට 175000 ක් ළමයි AL විභාගය පාස් වෙනවා. මේකෙන් 35000-40000 අතර ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට යනවා කලා වාණිජ ඉංජිනේරු නීතිවේදී සහ වෛද්‍ය කියලා. ඉතුරු අයගේ අයගෙන් ඉතා සුළු පිරිසක් විදේශ අධ්‍යාපනය සඳහා යනවා. ඔවුන් ඩොලර් බිලියන 4ක පමණ ප්‍රමාණයක් ලංකාවෙන් එළියට අරන් යනවා. ඉතුරු වූ අයගෙන් කොටසක් පුද්ගලික අංශයට යනවා අනිත් අය පාරේ.


සෞදි අරාබියාව තෙල්වලින් අවුරුද්දකට ඩොලර් බිලියන 130 ට වැඩි ප්‍රමාණයක් හොයද්දි ඒ හා සමානව අල්ලපු රටේ ඉන්දියාව බල බිලියන 130ක් තොරතුරු තාක්ෂණයෙන් හොයනවා. අද අපි එකදු පියවරක් වත් අරං තියෙනවද මේ අධ්‍යාපන වෙළෙඳපොළ ට ඇතුලත් වෙන්න. එය හරහා එළියට යන ඩොලර් ප්‍රමාණය නතර කරගන්නත් කලාපයේ අනිත් රටවල් වලින් ඩොලර් මේ රටට ඇතුල් කර ගැනීමටත් ගන්න පුළුවන් පියවර අරගෙන නැහැ. හැබැයි ජනාධිපතිතුමා උදේට නැගිටලා රෑ හීනෙන් දකින දේවල් ඇවිල්ල කියනවා හැබැයි impliment කරන්න විදිහක් කියන්නේ නැහැ කණ්ඩායමකුත් නැහැ කරන්න තේරෙන්නෙත් නැහැ.


medical tourism එක පුළුවන් තරම් encourage  කරන්න ඕන. අද අපි එක් බැලුවොත් srilankan ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ඒ බැලුවොත් ශ්‍රී ලංකන් එයා ලයින් එකේ ඕස්ට්‍රේලියා එංගලන්ත ලයිට් එකක් බැලුවොත් දකුණු ඉන්දියාවේ කට්ටිය තමයි ශ්‍රී ලන්කන් කට්ටියට වඩා වැඩිපුර යන්නේ. මාලදිවයින දකුණු ඉන්දියාව බංග්ලාදේශය යන අයට medical tourism කියන එක ලංකාවට ගෙන්න කිසිම වැඩසටහනක් තවම ආරම්භ කරලා නැහැ.

ජීව්‍ය උණුසුමත් ඉන්නකොට මෙතන කියන්න ඕන හිටපු ඇමතිතුමා වනජිවි එකේ අපේ ආණ්ඩුවේ  එයාට මම කිව්වා කොහොමද wildlife tourism වලින් ඩොලර් බිලියනයක් අවුරුද්දකට ක්‍රමානුකූලව අවුරුදු තුනක් දක්වා ගිහිල්ලා හොයන්නේ කොහොමද කියලා , අපි මේ ලඟදි කථානායකතුමා එක්ක රුවන්ඩා වලට ගියා. රුවන්ඩා වල අකගේරා කියන wildlife park එකට ගියා. ඩොලර් 197යි. පිළිවෙලකට තියෙනවා. සුවනියර් ෂොප් තියනවා ටුවර් එක හරියට එක්කගෙන යනවා.

අපිට තියෙනවා වනෝද්‍යාන ගණනාවක්. කොළඹට එන සංචාරකයෙක් දන්නේ නෑ කිලෝමීටර් හතක් දුරින් දෙහිවල තමයි සත්වෝද්‍යානය තියෙන්නෙ කියලා. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් guide ලා නැහැ. Brochure එකක් නැහැ හෝටල්වල. මේවා ලේසියෙන් කරන්න පුළුවන්. වනෝද්‍යාන වල තියන බංගලා වලින් සෝලා පවර් දාලා හොඳ චෙෆ් කෙනෙක් දාලා එක නයිට් එකකට ඩොලර් දාහකට දෙන්න පුළුවන්. අක්ගේරා park එකේ එක පුද්ගලයෙකුට එක රාත්‍රියකට $1500.

මං පුද්ගලික අංශයේ හිටපු විධායක නිලධාරියෙක් විදියට මේ යෝජනා ගේන්නේ ලාභ ලැබීමේ අරමුණින්. මං එන්නම් සාකච්ඡාවට ඔබතුමාගේ. කණගාටුවට කාරණාව අපේ ආණ්ඩුවේ හිටපු වනජීවී ඇමතිතුමාට මම පිටු 104 පොතක් මම ගෙනිහිල්ලා දුන්නා යෝජනා හදලා. එතුමට තේරුනේ නෑ. වර්තමාන ජනාධිපතිතුමා එතකොට අගමැති. එතුමාටත් මම මේක ගෙනිහිල්ලා දුන්නා. මොකුත් උනේ නෑ. ඒක තමා අපි කියන්නේ මේ තරුණ ක්‍රියාකාරී ක්‍රියාශීලී ජවසම්පන්න තරුණයො මේ පාර්ලිමේන්තුවට එවන්න කියලා. 60 පැනල ඉන්න කට්ටියව අඩු කරන්න කියලා හැම පක්ෂයේම.


'' බදු පිට බදු ගහද්දිත් හොරකම නතර වෙලා නැහැ''

මේ බදු ප්‍රතිපත්තිය මේ විදියටම ගෙනාවොත් අපි එක අනිවාර්යෙන්ම පරද්දනවා. යූඇන්පියට කඩේ යන ෆේස්බුක් එකේ ඉන්න කට්ටිය කියනවා රනිල් පොහොට්ටුවේ කට්ටිය දාලම බැසිල්ට ෂොට් එක දුන්නලු. පිස්සුද එදා හවස් වෙනකන් එයා දන්නේ නැහැ දිනනවාද පරදිනවාද කියලා. අපි විපක්ෂයේ අසූ ගාණක් දුන්න හින්දා තමයි දිනුවෙ. මේ බදු ප්‍රතිපත්තිය සංශෝධනයක් සහිතව ජනතාවට දරාගන්න පුළුවන් විදියට ගෙනාවේ නැත්නම් මේක පරද්දනවා කියන එක කියන ගමන් අවසාන වශයෙන් කියන්න ඕන මෙච්චර කෙලවෙලා තියෙද්දි බදු පිට බදු ගහද්දිත් හොරකම නතර වෙලා නැහැ.


එක උදාහරණයක් තමයි ගෑස් ගෙන්නන එකේ ජුනි  මාසේ ඕඩර් කරපු ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂෙන් මිලියන 1200 කට වඩා ගැහුවා. දැන් අලුතෙන් දෙලක්ෂ අසූ දාහක ටෙන්ඩරයක් යෝජනා කරල තියෙනව. මේකත් රබර් කරකර ගිහිල්ලා මේකෙන් ගහන්න යනවා බිලියන තුනකට වැඩිය. මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මේක ලියලා තියෙනවා. මම ඔබතුමාට දැනගන්න කියන්නම්, ඔබතුමාත් සාමාජිකයෙක්  දැන් ඔන්න හදිසි මිලදීගැනීම් මෙට්‍රික් ටොන් 50000ක් ගන්න ලෑස්ති වෙනවා. බලාගන්න එතකොට ගහන ගැහිල්ල.
 


හොරකම අඩු කිරීම හරහා මේ බදු අඩු කරන්න පුළුවන් කියන එක අපි මතක් කර දෙමින් හොරකමට විරුද්ධව අපි දිගින් දිගටම සටන් කරනවා රාජපක්ෂලා පලවා හැරියා කියලා ඉවරවෙලා මේ ඉන්න කණ්ඩායමේ හොරකම් නතර වෙලා නෑ කියන එක නැවත නැවතත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. ''

 

  

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image