2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර ඇඩිලේඩ්හිදී අද (10) පැවැත්වේ.


තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ කිරීමට නියමිතය.
 

ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහිව ඉරිදා පැවැත්වෙම අවසන් මහා තරගයට සුදුසකම් ලබන අනෙක් කණ්ඩායම තීරණ වන මෙම තරගය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. බොහෝවිට එම තරගය ඉන්දු - පකිස්ථාන තරගයක් වනු ඇති බවට දැනටමත් බොහෝ පාර්ශ්ව මත පළ කර තිබේ. ඒ, ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මෙතෙක් දැක්වූ දක්ෂතා හේතුවෙනි.
 

අතිශය තියුණු මුහුණුවරක් ගත් ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ දෙවනියා බවට පත්වෙමින් එංගලන්තය අද පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
 

කෙසේවෙතත් ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම එංගලන්ත කණ්ඩායමට අද තරගයේදී එල්ල කර ඇත්තේ ප්‍රබල බලපෑමකි. එංගලන්ත කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ, ආබාධවලට ලක් වූ මාක් වුඩ් සහ ඩාවිඩ් මලාන් මේ වනවිට පූර්ණ ලෙස සුවය ලබා නොමැති බවය. ඩාවිඩ් මලාන් ලොව අංක 6යේ පන්දුවාර විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන අතර මෙවර ලෝක කුසලානයේ වේගවත්ම පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ එංගලන්තයේ මාර්ක් වුඩ් ය.

bpanews 22241a79 4932 4b9f 9aff 76e11d2baa93 1

එංගලන්තයට එරෙහිව අවසන් වරට පැවැති පන්දුවාර 20යි 20 තරගාවලි 4 ම ඉන්දියාව ජයගෙන තිබේ.
 

2014 වසරෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා නැත.
 

එංගලන්තය 2016 වසරේදී  20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.
 

මේ අතර ඉන්දීය නායක රෝහිත් ශර්මා පවසන්නේ එංගලන්ත කණ්ඩායම පසුගිය තරගවලදී හොඳින් ක්‍රීඩා කර ඇති නිසා තමන්ට අභියෝගයක් එල්ල වනු ඇති බවයි.
 

ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගාවලියේ අවසන් මහා තරගයක් දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවත්, එය වළක්වාලීමට ගත හැකි උපරිම පියවර ගන්නා බවත් එංගලන්ත නායක ජෝස් බට්ලර් පවසයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්