ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ධ අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16කට අදාළ ආදායම් බදු අය කරගැනීමට

සූදානම් බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.


පවතින නීතිය යටතේ එම මුදලෙන් සියයට 24ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අය කරගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.


සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ ආදායම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගනිමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා සකස් කළ වාර්තාවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් වැඩ බලන මුදල් අමාත්‍යවරයා එබව සඳහන් කළේය.



අදාළ අවස්ථාවේ සීනි බදු අය කිරීමට තීන්දු ගත් නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මෙහිදී විමසා සිටියේය.



සීනි බද්ද අඩු කිරීමේ සහනය ජනතාවට ලැබී නොමැති බවත්, සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම, එම වාසිය ලබාගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බවටත්  ජාතික විගණන කොමිසම, රජයට නිර්දේශ කර තිබේ.


එම කොමිසම මෙම නිර්දේශය කර ඇත්තේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරිමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යයනය කිරිම සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාලවයි.


2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩුකිරිමට ආණ්ඩුව පියවර ගත්තේය.


ඒ මොහොතේ වෙළඳපොලේ සිනි කිලෝවක මිල රුපියල් 130 ක් පමණ වූ අතර රජය විසින් රුපියල් 49.75 බදු සහනයත් ලබාදුන්නේ පාරිභෝගිකයාට ඉන් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් බව හිටපු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබිණ.




සබැඳි පුවත් :
'සීනි බද්ද අඩු කිරීමේ සහනය ජනතාවට ලැබී නැහැ' - ජාතික විගණන කොමිසම

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්