ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ජපානයේ සිට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට කොළඹ වංචා විමර්ශන ඒකකය
විසින් අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ පියතුමෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඒ සැකකාර පියතුමා ඊයේ (09) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මීගමුවේ පදිංචි වර්ණකුලසූරිය ලෙස්ලි ප්‍රනාන්දු පියතුමා ය.
මෙම පියතුමා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර ඇත්තේ, තම සේවාදායකයා මෙම මුදල් ශ්‍යාමලී සමරනායක නැමැත්තියක් වෙත ලබා දී ඇති බවත් ඇය කෝටි ගණනින් මුදල් වංචා කර ඇප මත සිටින කාන්තාවක් බවත් ය.
අදාල කාන්තාව වෙත මුදල් දුන් බවට ලේඛණයක් ඉදිරිපත් කළ හැකිදැයි මහේස්ත්‍රාත්වරයා සැකකාර පියතුමන්ගෙන් විමසා සිටි අතර එවැනි ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම පාර්ශවය අපොහොසත් වී තිබේ.
මෙම කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ වංචා විමර්ශන ඒකකයට ද නියෝග කර ඇත.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න