'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ පරාජය ඉවවැටීමත් සමග ඔහුගේ ප්‍රචාරක උපදේශකයින් හා  ඔවුන්ට අයත් මාධ්‍ය ජාල බෞද්ධ ජනතාව නොමග යැවීමේ උත්සාහයක දී සිටිති. 


theleader.lkවෙත වාර්තාවන පරිදි මෙය අද දිනයේ කැලණිය  පැමිණීමට නියමිත ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කර ඇති ප්‍රචාරක වැඩපිළිවෙලකි.

කැලණිය පුදබිමට වැඩිය සර්වඥ ධාතු ඇතැයි කියන මංජුසාව සාදවාගෙන ගෙන ඇත්තේ ගඩලාදෙණිය ප්‍රදේශයෙනි. මිට මාස කිහිපයකට පෙර එම මංජුසාව රැගෙනවිත් ඇතත් නියම අවස්ථාව එනතෙක් එය රහසක්ව තබා ගන්නයි උපදෙස් දී ඇත්තේ විහාරස්ථානයේ ප්‍රසිද්ධ හිමිනමකි.

සර්වඥ ධාතු ගෙනඒමට ගිය බෝට්ටු රියදුරු අනුර නමැති අයගේ පුත්‍රයා ඔහුගේ ගනුදෙනුව වෙනුවෙන් ඊයේ රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති අතර ඔහු ඊයේ රාත්‍රී එම මුදලින් කොටසක් වැයකර සිය මිතුරන් වෙනුවෙන් මධුවිත සංග්‍රයක් පවත්වා තිබේ.

ධාතු සහිත මංජුසාව රැගෙන යන හිමියන්ට මුතු කුඩය අල්ලාගෙන යන පුද්ගලයා නයි 50කට වඩා මරාදමා ඇති අයකු බව ප්‍රදේශවාසීන් පවසති. 

අහෝ, දෙරණ !

''පසළොස්වක පොහොය දිනයක් වන ඊයේ නාග ලෝකයෙන් වැඩම කළා යැයි කියන ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින්  'පුරවැසි බලය' සංවිධානය විසින් අද (13) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

'පුරවැසි බලය' සංවිධානය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී දිලිප් රෝහණ හා වෛද්‍ය රංජිත් පතිරණ  යන දෙදෙනා විසින් එම පැමිණිල්ල යොමුකර ඇත.

එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

''පසළොස්වක පොහොය දිනයක් වන ඊයේ නාග ලෝකයෙන් වැඩම කළා යැයි කියන ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් පිළිබඳව ඊයේ (12) දෙරණ රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද ප්‍රවෘත්තිය පිළිබඳ ඔබගේ අවධානය යොමු කරමු.

ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ නමැති තැනැත්තෙකු විසින් කැළණිය රජමහ විහාරය ආසන්නයේ කැළණි ගෙඟ් යම් තැනකින් ගොඩගත් බව මේ ප්‍රවෘත්ති වාර්තාවෙන් කියැවිණි.

ඒ පිළිබඳ අදහස් දක්වන කැළණිය රජමහ විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ එහිදී මෙසේ ප්‍රකාශ කොට සිටියේය:

''2020 වර්ෂය වන විට අපට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශයක් අපට සැලසෙනවා කියන පණිවිඩය අපිට ලැබුණා''.

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී, බෞද්ධයන්ට අති පූජණීය ස්ථානයක් වන කැළණිය රජමහ විහාරයෙන්, මෙවැනි 'අලූත් නායකයෙකු බිහි වීම' ගැන පණිවිඩයක් ඛෙදාහැරීම කිසිසේත් ආගමික කතාවක් නොව, දේශපාලනික කතාවකි. 

මෙය, ආගම පාවිච්චියට ගනිමින් දේශපාලනික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට ගත් උත්සාහයක් වන අතර, එය මැතිවරණ නීති උල්ලංඝණයක් කිරීමක් ද වන්නේය. 

විශේෂයෙන් මේ කියන නායක ස්වාමීන් වහන්සේ පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලනය සමග සම්බන්ධව සිටි හිමිනමක් වීම නිසාම, ඔහු දැන් මේ කරඬුව හරහා දෙන පණිවිඩය පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අංගයක් බවට පත්ව ඇති බව පෙනේ. 

මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් කෙරුණු මේ ප්‍රචාරය පිළිබඳව ඔබතුමාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර ගන්නා මෙන් කාරුණිකව මෙයින් ඉල්ලා සිටිමි.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්