1200 x 80 DMirror

පොළොන්නරුව මැදිරිගිරියේ ‘ආශාවරී’ නම් වූ සංගීත කණ්ඩායම තහනම් කිරීමට කටයුතු කර ඇති බවට පළවෙන සියළු ප්‍රචාරයන් සාවද්‍ය බව කම්කරු

දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.  


කම්කරු කොමසාරිස් ජෙනරාල් බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර තිබේ.


කම්කරු දෙපාර්තමේන්තුව, පරිවාස දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ එක්ව ‘ආශාවරී’ නැමැති ළමා සංගීත කණ්ඩායමක් ද්වේෂ සහගත ලෙස තහනම් කිරීමට කටයුතු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන ප්‍රචාරයන්වලට පිළිතුරු ලෙසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.


ළමා ශ්‍රමය මෙරටින් තුරන් කිරීමේ කාර්යභාර්ය පැවරී ඇති රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෙස කම්කරු දෙපාර්තමේන්තුව 1956 අංක 47 දරණ ස්ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ළමා ශ්‍රමය යෙදවුම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.


එහිදී පැමිණිල්ල විමර්ශනය කර ළමා ශ්‍රමයක් හෝ අනතුරුදායක ළමා ශ්‍රමයක් පවතී ද යන්න පිළිබඳ සාක්ෂි රැස් කිරීමෙන් පසුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරනු ලබයි.


එහෙත් ළමයින්ගේ කලා හැකියාවන් ඉදිරිපත් කිරීමටත්, අනතුරුදායක නොවන පුහුණුවීම් සිදු කිරීමටත් පාසැල් සංදර්ශනවලට සම්බන්ධ වීමටත්, ඉහත සඳහන් කළ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත මඟින් බාධා එල්ල නොවන බව ද ඔවුන් අවධාරණය කර තිබේ.


2022 09 23 වැලිවේරියේ රාත්‍රි කාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ශනයකට මෙම සංගීත කණ්ඩායම සහභාගී වෙන බවට දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරද්දී නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රචාරයන් සිදු කර ඇති බවටත් කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

Press Release Department of Labour page 0001


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය