theleaderlk 01

2023 අයවැය සකස් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ලබාදුන් ඉලක්ක ඉටුකර ගැනීමේ

අරමුණ පදනම් කරගෙන බවත්, සාකච්ඡා අවසන්වන තෙක් ගිවිසුම හෙළි නොකරන ලෙස IMF දැනුම් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (නොවැම්බර් 10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්  පැවසුවේය.


අයවැය ඉදිරිපත් කිරීමට පෙර IMF සමග අත්සන් කළ ගිවිසුම සභාගත කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්මන් කිරිඇල්ල කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ලබන සඳුදා (නොවැම්බර් 14) මුදල් අමාත්‍යවරයා විසින් අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

 

ලබන නිදහස් සැමරුමට පෙර උතුරේ ප්‍රශ්නයට විසඳුමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී තවදුරටත් පැවසුයේ, දෙමළ ජනතාව මුහුණ දෙන උතුරේ ගැටලු බාහිර මැදිහත්වීම් වලින් තොරව ලබන වසරේ 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට පෙර සාමකාමීව විසඳා ගන්නා බවයි.

කිසිවෙකුත් ලංකාවට ඇඟිලි ගහන්න උවමනා නැතැයි ද මෙම ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න ලංකාවට හැකියාව ඇති බව ද ජනාධිපතිවරයා කීය.

ඒ කාරණය සදහා ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

නවතම පුවත්