ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, ගෝඨාබය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන තමන් වෙත ඉදිරිපත් කරන ලද බව මැතිවරණ සභාවේ

සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට සඳහන් කළ බව හැඟවෙන දුරකතන සංවාදයක් නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය විසින් සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත.

එසේ සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත්තේ, නීතිඥ අලි සබ්රි විසින් මහින්ද දේශප්‍රිය සමග සිදුකළ දුරකථන සංවාදයකි.  

එම දුරකතන සංවාදය මෙසේය. 

-සභාපතිතුමා

-ඔව් කියන්න

- ඔබතුමා අද කිව්වා නේද අර ඇෆිඩවිට් එක, කීයට විතරද ඒක අප්ලෝඩ් කරන්නේ.

-මට නලින් මහත්තයලා ඒගොල්ලො අල්ලගන්නට ඕනේ, නැත්නම් මෙහෙම ඉල්ලන්න පුළුවන් අපේ ඇප්ලිකේෂන් එකක් දාලා ඇෆිඩයිට් එකේ කොපියක් ඉල්ලන්නයි අපට තියෙන්නේ.

- නෑ ඒ වුණාට අප්ලෝඩ් කරා නම් හරි නේද? 

- ඔව් අප්ලෝඩ් කරා නම් හරි නේ. මම ඒක අප්‌‌ලෝඩ් කරන්නම්

- හැමෝගෙම අප්‌ලෝඩ් කරන්න. මේක මේ ට්‍රාන්ස්පේරන්ට් විදිහට කරන්නයි ඔ්නේ.

- ඔව් ඔව්

- අනිත් එක මට ඩබල් චෙක් කරගන්න ඕනේ අපි ඔබතුමාව ටෙලිග්‍රාෆ් එකේ සම්බන්ධකරගත්තා, ටෙලිග්‍රාෆ් එකේ ආටිකල් එකක් ගියානේ, ඒකේ කියලා තියෙන්නේ ඔගස්ට් විසි හයනේ අපි ඔබතුමන්ලව හම්බවුණේ

-ඒක සඳුදා දවසක් නම් එදා හරි

- ඔව් ඒක සඳුදා දවසක් අගෝස්තු මාසේ  26 වැනිදා. එතකොට
සඳුදාද කියලා බලන්න සඳුදානේ අපි කමිෂන් මීටින් තියන්නේ.

- ඔව් සඳුදා තමයි. ඒක ඩේලි ටෙලිග්‍රම් එකේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළවෙලා තිබුණා. එතන ප්‍රොෆෙසර් හූලුත් සම්බන්ධකරලා තිබුණා. එතනදී නේ අපි ඩොකියුමන්ට්ස් ටික ඔබතුමාට දුන්නේ.

-ඔව්

- එතකොට එතනදිත් ඔබතුමා මේ ක්වේෂන් එක ගත්තා, ඒක අවශ්‍ය නැහැ කියලා. හූල් ඒක  පරීක්ෂා කරලා බැලුවානේ උඩුයටිකුරු කර කර දෙපැත්ත හරව හරව

- දිනේ මොකක්ද? මොනාද ටෙලිග්‍රාෆ් එකේ තියෙන්නේ ඒක

-  මම ඔබතුමාට ඒක වට්ස්අප් කරන්නම් ටෙලිග්‍රාෆ් එකේ තියෙනවා ඔබ විතරයි මේක ෂෙඩියුල් කරලා තිබුණේ හූල් නිකන් ඒක නොදැන ඉඳලා නිකන් කමිෂන් එකේ මීටින් එක රෑ වුණ හින්දා හූල් එතනට ආවයි කියලා ප්‍රොෆෙසර් හූල් කියලා තියෙනවායි කියලා

-නැහැ නැහැ එහෙම නෙවෙයි එදා කොමිෂන් මීටින් එකනේ තිබුණේ

-ඔව් කමිෂන් මීටින් එක තිබුණ වෙලේනේ අපි ඇවිත් හම්බවුණේ ඒ වෙලාවෙදි මම ඔබතුමාට ඩොකියුමන්ට් එක දුන්නා නේද?

-ඔව්

- ඊට පස්සේ ඔබතුමා එක පීසී නලින්ට දීලා පස්සේ දුන්නා ප්‍රොෆෙසර් හූල්ට. ප්‍රොෆෙසර් හූල් ඒක හොඳට පරීක්ෂා කරානේ නැහැ කියන්න බැහැනේ.

- ප්‍රොෆෙසර් ඒක එතන අතට ගත්තනේ ඒක නැහැ කියන්නේ නැහැ. ඕක තිබුණා ඩේලි නිව්ස් එකේ හරි, ඩේලි මිරර් එකේ හරි ඔබ්සවර් එකේ හරි ආටිකල් එක

- ආ තියෙන්න ඇති

- ඒකේ හොඳට තිබුණා මට හොඳට මතකයි ඉංග්‍රීසි පත්තරේක ඔය ඔකේ තියෙන කෑල්ලට වඩා එක්කෝ සන්ඩේ ටයිම්ස් එහෙක හරි මොහොක හරි ඒක ඩීසන්ට් විදිහට දාලා තිබුණා. ඒක ප්‍රොෆොසර් උපුල් දාලා තියෙන්නේ මට ෂොට් එකක් දෙන්නනේ

- ඔව් ඔබතුමාට ෂොට් එකක් දෙන්න තමයි දාලා තියෙන්නේ. ඒ වෙලාවේ එයා ඔරිජිනල් ඒක අරන් හොඳට බැලුවනේ,

-එදා ඇත්තටම කමිෂන් මීටින් එක තියෙන දවසේ  හම්බවෙන්න පුළුවන්ද ඇහුවා. මම කිව්වා අපේ කමිෂන් මීටින් එක තියෙන දවස මන්ඩේ ඕන කෙනෙකුට එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒක රහස් එකක් නෙවෙයි නේ. එහෙනම් ඉතින් මම ගෙදර හම්බුවෙනවානේ.

- අනිවාරෙන්

- අපේ ඔෆිස් එකේ සීසීටීවී දාලා තියෙනවා එන ඕන කෙනෙකුට ආවේ කවුද කියලා පේනවා. ඒවා රහස් නෙවෙයි නේ.

- රහස් නෙවෙයි ඒවා මේ පොදුවේ සිද්ධ වෙච්ච ඒවා ඒ ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔක්කොම එයා අරන් බලලා එයා එතකොට ඇහුවා මතකද මීට ඉස්සෙල්ලා සෝෂල් මීඩියා එකේ මේ ස්ටේට් ඩොකියුමන්ට්ස් වගයක් ගියා කියලා

-ඔව් ඔව්

- අපි කිව්වා අපිට ඒකට අපේ සම්බන්ධයක් නැහැ කියලා මතකද ඔබතුමාට?

-ඔව් ඔව් පත්තරේත් ගියානේ

- ඔව් ඔව්

- එතකොට ඒ නිසා තමයි අපි ඔරිජිනල්ස් ටික පෙන්නුවේ. අපි දෙන්නාම, මමයි නලින් මහත්තයායි කිව්වේ වී ආ නොඩ් ඉන් නීඩ් දිස් කියලා මේක අපිට වැඩක් නැහැ කියලා. ඒක ඇහුවොත් අපි ඕන කෙනෙකුට කියනවා.

-මම ඒක දාන්න කියන්නම්

- අනේ දාන්න කියන්න. තැන්ක්යූ තැන්ක්යූ සභාපතිතුමා තැන්ක්යූ

මහින්ද දේශප්‍රිය BBC සිංහල සේවයට කියපු කතාව :

ගෝඨාගෙ පුරවැසිභාවය තහවුරු කරන ලියවිලි මැතිවරණ කොමසාරිස්ට දුන් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මිට ඉහතදී මාධ්‍ය වෙත පවසා තිබිණ.  

කෙසේවුවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, තම එවැනි දෙයක් නොඉල්ලු බවයි. 


වීඩියෝ 


"සහතික බලන්නේ නැතුව රැකියාවකටවත් බඳවා ගන්නවාද?"


මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශය "කිසිසේත් පිළිගත නොහැකි" බවය.

"අපිට පාරේ වාහනයක් පදවනකොට රියැදුරු බලපත්‍රය නැත්නම් මොන තරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා ද? රැකියාවකට කෙනෙක් බඳව ගන්නවා ද සහතික බලන්නේ නැතුව? වීසා නැතුව රටක එක දවසක් ඉන්න පුළුවන් ද? මේ වගේ තත්ත්වයක් තියෙනකොට රටක ජනාධිපති අපේක්ෂකයෙකුගේ මූලික සුදුසුකම් තහවුරු කරන ලියකියවිලි පරීක්ෂා කරල බලන්නේ නෑ කියන එක මොන තරම් විහිළුවක් ද?," ආචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර පැවසීය.

"මේ වගේ බරපතළ කාරණාවකදී මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිවරයා හරිම සැහැල්ලුවෙන් කියන දේවල්වලින් වැරදි පූර්වාදර්ශයක් නිර්මාණය වෙනවා. මේ අවස්ථාවේ ජනාධිපතිවරණය පිළිබඳ නිසි බලධාරියා ඔහු. ඔහු මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දිය යුතුයි. ඔහුට බලතල නැත්නම් ඔහු ඒවා පැහැදිලි කළ යුතුයි. ඔහු මේ ලියකියවිලි පරීක්ෂා කරන්නේ නැත්නම් කවුද ඒවා පරීක්ෂා කරන්නේ? අනික් අතට මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රියමාර්ග ගැනීමේදී ආණ්ඩුවත් අසමත්."

 
'ගෝඨාබයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක්' -ආචාර්ය හරිනි අමරසූරිය


මේ අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, ගෝඨාබය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක් පවතින බවය.

"ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අපැහැදිලි බවක් තියෙනවා. අපැහැදිලිතාවක් තියෙන එක්කෙනෙක් රටේ ජනාධිපති වෙන්න දඟලන්නේ ඇයි? ඒක ඒ දේශපාලන ව්‍යාපාරයේ සංස්කෘතියේ හැටි. ඒක තර්කවලින් පරාජය කරලා වැඩක් නෑ. ඒ සංස්කෘතිය දේශපාලනිකව පරාජය කරන්න ඕන."

දිවුරුම් ප්‍රකාශය:

ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ගෝඨාබය රාජපක්ෂ භාර දුන් දිවුරුම් ප්‍රකාශය බව සදහන් කරමින් නීතිඥ අලි සබ්රි විසින් ගෝඨාබය රාජපක්ෂගේ අත්සන නොමැති දිවුරුම් ප්‍රකාශයක පිටපතක් සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබූ අතර පසුව එය ඉවත් කර අත්සන සහිත පිටපතක් පළ කර තිබිණි. පසුව එය ද ඉවත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබිණි.

FB Post 2019.11.13
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය උපුටා දක්වන ඩේලිමිරර් පුවත්පත වාර්තා කර ඇත්තේ, "එක්සත් ජනපද ෆෙඩරල් ලේඛනයේ කෙනෙකුගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම වාර්තා කිරීමට මාස කිහිපයක් ගත විය හැකි," බවය.

"මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන අපේක්ෂකයාට යුතුකමක් තියෙනවා, පුරවැසියන්ගේ යුතුකම් මතක් කරන්න කලින් සැබෑ තත්ත්වය පැහැදිලි කරන්න," ආචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර වැඩිදුරටත් පෙන්වා දුන්නාය.


සබැඳි පුවත් :
ගෝඨාබයගේ පුරවැසිභාවය:  ඇත්ත- නැත්ත මොකක්ද ? - බීබීසී සිංහල සේවයේ විග්‍රහයක් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්