1200 x 80 DMirror

ලබන සඳුදා (14) ජනපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2023 වසර සඳහා වන අයවැය කතාව සිදුකිරීමට නියමිතයි. ඉදිරි වර්ෂය ඉලක්ක කරගත්

සැළසුම් වගේම අයවැය කතාවක දී, සාමාන්‍යයෙන් සිදුවෙන්නා වගේ ජනතාව ඉලක්ක කරගත් පොරොන්දු ලබාදීමත් ඒ කතාවේ දී, සිදුවේවි.


පහත වීඩියෝවේ තිබෙන්නේ පහුගිය අයවැයවලින්, විශේෂයෙන්ම 2021 අයවැයෙන් දුන්නු පොරොන්දු ගැන පසුවිපරමක්.


මේ වීඩියෝව නිර්මාණය කර තිබෙණ වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය එයට පසුබිම් කරගෙන තිබෙන පර්යේෂණයෙන් අනාවරණය වෙලා තියෙන හැටියට 2021 අයවැයේ පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය ඉතා දුර්වල මට්ටමකයි තිබෙන්නේ. ඒ වගේම ගොඩක් පොරොන්දුවල ප්‍රගතිය ගැන තොරතුරුත් හරි විදිහට ජනතාවට ලබා දීලා නැහැ.


මේ වැරදි 2021 අයවැයට විතරක් සීමා වෙන දේවල් නොවෙයි. මෑත කාලයේ ඉදිරිපත් වුණු සෑම අයවැයකම වගේ හදුනාගන්නට පුළුවන් දේවල්.


2023 අයවැයේදීවත් මේ වැරදි නිවැරදි කරගැනීම, රට මේ වැටිලා තියෙන අන්තිම අසීරු අඩියෙන් ඉහළට ගැනීමට නම් ඉතාම වැදගත්.


පහුගිය අයවැයන්වල පොරොන්දු ඉටුකිරීමේ ප්‍රගතිය මෙතනින්





 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය