ගෝඨාබය රාජපක්ෂගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගල නාමලේඛනයට මෙතෙක් ඇතුලත්ව නොමැති බව අද (13) යළිත් වතාවක් තහවුරුවිය. ඒ, අද දෙරණ මාධ්‍යවේදිනී ඉන්දීවරී හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් අතර පැවති සම්මුඛ සාකච්ජාවකදීය.

ගෝඨාබය රාජපක්ෂ 2019 මැයි මාසයේදී  ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ දිවුරුම ලබා දී දුන් බව ඔහුගේ ප්‍රකාශකයින් මිට ඉහතදී මාධ්‍යවෙත පවසා තිබිණ. 

කෙසේවුවද theleader.lkවෙත වාර්තා වන්නේ ගෝඨාබය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාල ලියකියවිලි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත බාර දී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී බවයි.

ඒ, ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ මැතිවරණය නොවැම්බර් මාසයේදී පවත්වනු ලබන බව දැනගැනීමෙන් පසුව ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන බවට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් එකඟතාවය පළකළ පසුවය.

ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන්නේ නම්, ඇමරිකානු පුරවැසිභාවය අත් නොහරින බවට ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට බලපෑම් කර තිබිණ.

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගල නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම මෙතෙක් ඇතුලත් නොවිමට බලපෑ ඇති මුලිකම කාරණය වන්නේ, ඔහු විසින් සිය පුරවැසිභාවය ඉවත්කර ගැනීම අදාල ලියකියවිලි ලබාදී තාමත් මාස කිහිපයක් පමණක් වීම නිසාය.

පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක් බව 'අද දෙරණ' මාධ්‍යවේදිනී ඉන්දීවරී සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී නැන්සි වැන්හෝන් එබව අවධාරණය කලාය.


''නාමලේඛනයට ඇතුලත් වන දැන්තියා දිනය කියන්න බැහැ'' - අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා 


අදාල සම්මුඛ සාකච්ජාව 'අද දෙරණ' වාර්තාකර ඇත්තේ මෙසේය.

අද දෙරණ :
 ගැන බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බලා ශ්‍රී ලංකාවේ ජනතාවට පැහැදිළි කරන්න තානාපති කාර්යාලයට හැකියාවක් තියෙනවාද?

නැන්සි වැන්හෝන්: 
බොහොම ස්තූතියි ඒ ප්‍රශ්නයට. ඉන්දීවරී ඔව් අපිට වැටහෙනවා මේ මාතෘකාව ගැන විශාල උනන්දුවක් තිබෙනවා. නමුත් පෞද්ගලිකත්වය රැකීමට අදාළ ඇමෙරිකානු නීතිවලට යටත්ව මට පුද්ගලයින්ගේ පුරවැසිභාවය සහ වීසා ගැටළු ගැන අදහස් දක්වන්න හැකියාවක් නැහැ. 

නමුත් මේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක්. ඔබට මේ සම්බන්ධයෙන් ගත යුතු සියළුම පියවර ගැන සෑම තොරතුරක්ම දැනගන්න පුළුවන් travel.state.govවෙබ් අඩවියට පිවිසීමෙන්.

අද දෙරණ :
ඔබ එය දීර්ඝ ක්‍රියාවලියක් බව සඳහන් කරන විට, එයින් කියවෙන්නේ අයදුම් කරන පුද්ගලයා අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ සිට ඇමෙරිකානු රජය එය අවංලගු කර ගැනීමට අනුමැතිය ලබාදෙන අවස්ථාව දක්වා දීර්ඝ ක්‍රියාවලියක් කියලාද ඔහු‌ගේ නම ලැයිස්තුවට ඇතුළු වීමට? එහෙම නැත්නම් වෙනත් කාරණයක්ද? අපි තවදුරටත් පැහැදිළි කරගන්න කැමතියි.

නැන්සි වැන්හෝන්: 
එය වෙන් වෙන්ව සිදුවෙන කාරණා දෙකක්. පුරවැසිභාවය ඉවත්කිරීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන්. ලියකියවිලි සකස් කරන්නේත් භාර දෙන්නේත් තානාපති කාර්යාලයේදියි. පසුව එය වොෂින්ටන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා අවසන් ක්‍රියාවලිය සඳහා. පසුව ඇමෙරිකානු පුරවැසිභාවය අවලංගුවීමේ සහතිකයක් අදාළ පුද්ගලයාට හිමි වෙනවා. 

ඒ ලියකියවිලි සම්බන්ධ කටයුතු අවසන් වූ පසුව පුරවැසිභාවය ඉවත්කර ගත් අයගේ නම් අභ්‍යන්තර ආදායම් සේවයට යොමු කරනවා එය අපගේ බදු සම්බන්ධ ඒජන්සිය. එය මුළුමනින්ම වෙනස් වූ නිලධාරී තන්ත්‍රයක්. 

ඉතින් මෙතන වෙනත් ඇමෙරිකානු ආයතන දෙකක් තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. මම විශ්වාස කරනවා ඔබට තේරුම් ගත හැකියි. නිලධාරී මට්ටමින් සිදුවන ක්‍රියාවලියක් සඳහා කාලයක් ගත වන්නට පුළුවන්. මාස ගණනක් හෝ ඊට වැඩි කාලයක් කෙනෙකුගේ නම අභ්‍යන්තර ආදායම් සේවය නිකුත් කරන අවසන් ලැයිස්තුවට ඇතුළත් වීම සඳහා ගත වෙන්න පුළුවන්. 

අද දෙරණ :
සිය පුරවැසිභාවය ඉවත් කරගත් අයදුම් කරුවෙක් දැන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා තරඟ කරනවා. දිගු කාලයක් මේ ක්‍රියාවලියට ගතවෙයි කියලා ඔබ කියන විට ඒ කොපමණ කාලයක්ද?

නැන්සි වැන්හෝන්: 
එය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මොකද නාමලේඛනය රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන එකක් නෙවෙයි. එය වෙනත් රාජ්‍ය ආයතනයක් විසින් සිදු කරන කාර්යයක්.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්