1200 x 80 DMirror

රට මුහුණ පා සිටින බරපතල ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධාන ම හේතුව වංචාව හා දූෂණය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.


සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවක් හරහා ඇය පවසන්නේ, දූෂණය වළක්වා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමකින් තොරව ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගැනීම ප්‍රායෝගික නොවන බවයි.

තමන්ගේ එකොලොස් වසරක පාලන කාලය තුළ ආර්ථික සමෘද්ධියක් අත්කරගැනීමේදී දූෂණය වැළක්වීමට ගත් පියවර ද විශාල වශයෙන් බල පෑ බව හිටපු ජනාධිපතිනිය මෙහි දී පෙන්වා දෙයි.

2005 වසරෙන් පසු මහින්ද ‍රාජපක්ෂ ආණ්ඩු විසින් අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය, දූෂණය සහ ගුණාත්මක බවෙන් සහ පලදායීත්වයෙන් අඩු ව්‍යාපෘති ආදිය නිසා රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ බව සඳහන් කරන ඇය, ඊට නිදසුනක් ලෙස නොරොච්චෝලේ ව්‍යාපෘතිය පෙන්වා දෙයි.

 රට ගොඩ නැගීමට නම් නිශ්චිත ආර්ථික සැලසුම් මෙන් ම යහපාලන ක්‍රමවේදයන් ද අවශ්‍ය බව හිටපු ජනාධිපතිනිය අවධාරණය කර සිටියි.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය