රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක

ඩයලොග් පදනම හා එක්ව රාජ්‍ය නොවන සංවිධාන වල ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනට නව තාක්ෂණය යොදා ගනිමින් karuna.lk ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත.

ඒ අනුව ඊයේ (11) දින කොළඹ යුනියන් පෙදෙසේ පිහිට් ඩයලොග්  ශ්‍රවණාගාරයේ දී මෙම ව්‍යාපෘතිය පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීම හා දිවයින පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්විණි.

ඒ සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ අවදානම් හා අනුකූලතා පිළිබඳ සමුහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන (Group Chief - Resk Aand Compliance ) ද, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙනුවෙන් එහි අධ්‍යක්ෂක ජනරාල් සංජය විමලගුණරත්න ද, අධ්‍යක්ෂිකා ලසදමාලා මුහන්දිරම්ගේ  ද සහභාගි වී සිටියේය.



එම අවස්ථාව ඇමතු ඩයලොග් ආයතනයේ අසංග ප්‍රියදර්ශන පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික හා සමාජ අභියෝගයන් හමුවේ උදව් උපකාර අවශ්‍ය ජනතාව සහ උදව් උපකාර කිරීමට කැමතිය පරිත්‍යාගශීලී පිරිස් ඒකරාශි කරන එකම ස්ථානයක් ලෙස කරුණා.lk  වෙබ් අඩවි හැඳින්විය හැකිබවයි. එසේම, Karuna.lk ප්‍රධාන අරමුණ වන්නේ ඉහළ අධීක්ෂණයකින්, විශ්වසනීයව හා ආරක්ෂාකාරී බවකින් යුතුව උපකාර අවශ්‍ය අය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම බවද ඔහු සඳහන් කළේය.




මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමතු සංජීව විමලගුණරත්න ප්‍රකාශ කර සිටියේ, රාජ්‍ය අංශෙ හරහා ක්‍රියාත්මක වැඩසටහන් වලට ශක්තියක් වීම සඳහා රාජ්‍ය නොවන නොවන සංවිධාන කටයුතු කරන බවයි. ඒ හරහා කිසිවෙකුත් මගනොහැර සමාජ ආරක්ෂණ දැල එලීමේ අවශ්‍යතාවයද , ශ්‍රී ලංකාවේ දුප්පත්කම වසරක් තුළ දෙගුනයක් වී  ඇති වටපිටාවක රජය මඟින් ක්‍රියාත්මක සමාජ සුබසාධන වැඩපිළිවෙළ සඳහා මේ වන විටත් රටේ පවුල් වලින් සියයට පනස් අටක්  (58%) අයදුම්කර ඇති බව සඳහන් කළේය.

 ඒ අනුව රාජ්‍ය අංශයට පමණක් එතරම් පිරිසක් බලා ගැනීමේ හැකියාවක් නොමැති හෙයින් karuna.lk වැඩසටහන හරහා රාජ්‍ය නොවන අංශයට පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මෙම අවස්ථාවට එක් වූ රාජ්‍ය නොවන සංවිධාන ද මෙම වැඩපිළිවෙළ අගය කරමින්, මෙම වැඩපිළිවෙළ සකස් විය යුතු ආකාරය පිළිබඳව ඉතා උනන්දුවෙන් අදහස් පළ කළේය.

එම අදහස්ද සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය කඩිනමින් දියවන පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඩයලොග් ආයතනය විසින් රාජ්‍ය නොවන නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

 

{gallery}xricket{/gallery}


he LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්