1200 x 80 DMirror

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් දෙවන ඇප තැන්පතුවක් සඳහා

ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ. ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ඇප ඉල්ලීම සඳහා ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව 'ඩේලි මිරර්' පුවත් පත වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, දැනටමත් මේ සඳහා ඇතැම් පුද්ගලයන්ගෙන් පරිත්‍යාග ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ. ඒ අතර ධනුෂ්කට ඇප ලබාගැනීමේ උත්සාහයට සහයෝගය දීමක් වශයෙන් වනිඳු හසරංග දැනටමත් විශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දී ඇති බව සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ධනුෂ්කට ඇප ලබාගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අභියාචනයක් වෙනුවෙන්, ඇප තැන්පතුවක් ලෙස, ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්‍ෂ දෙකක මුදලක් අවශ්‍යව වී තිබේ.

ධනුෂ්කට එරෙහිව ප්‍රධාන නඩුව ජනවාරි 12 වැනිදා කැඳවීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයේ පෙනී සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සතියේ නව නීතීඥයෙකු බඳවා ගන්නා ලදි. ඔහුගේ නීතීඥයින් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩකයා සියලු ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ නිර්දෝෂීභාවය ප්‍රකාශකර සිටින බවයි.

( lankadeepa.lk- ඩේලි මිරර් ඇසුරිනි)


සබැඳි පුවත් :

ධනුශ්ක ගුණතිලක : ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත චෝදනා පත්‍රයක් !

 

  


he LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය