සේවක අර්ථසාධක අරමුදල් ග්‍රෑන්ඩ් හයට් කොළඹ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් රුපියල් බිලියන ගණනින් පාඩු සිදුවී ඇති බව

විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.


ග්‍රෑන්ඩ් හයට් කොළඹ ව්‍යාපෘතිය සදහා සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන 5,000ක් වැයකර ඇති බව ද මේ දක්වා එම ව්‍යපෘතියෙන් කිසිදු ලාභයක් ලබා නොමැති බව ද එම වාර්තාව සඳහන් කරයි.


ද ෆිනෑන්ස් සමාගමෙහි බලපත්‍රය අවලංගු කිරීම හේතුවෙන් අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 205.49ක මුදලක් අහිමි වී ඇති බව ද විගණකාධිපති වාර්තාව සඳහන් කර තිබේ.


ග්‍රෑන්ඩ් හයට් කොළඹ ව්‍යාපෘතියට අයත් කැන්විල් හෝල්ඩින්ග්ස් හෝටල් සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු සඳහා මෙලෙස ආයෝජනය කිරීමෙන් කිසිදු ප්‍රතිලාභයක් අරමුදලට හිමි වී නොමැති බව ද එම විගණන වාර්තාව මඟින් පෙන්වා දී ඇත.


මේ අතර, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට නව හැඳුනුම්පත් නිකුත් කිරීම සහ නැවත ලියාපදිංචි කිරීමේ පරිගණක කටයුතු සඳහා කාඩ්පත් 15,000ක් රුපියල් මිලියන 12.61කට 2008 වසරේ මිල දී ගෙන ඇති බව ද එසේ මිල දී ගත් කාඩ්පත් ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව තිබී ඇති බව ද එම විගණන වාර්තාව හෙළි කරයි.


එලෙස ම, රුපියල් මිලියන 17.67ක් වැය කර මිලදී ගන්නා ලද යන්ත්‍ර 35කින් 2ක් ඉවත් කර ඇති බව ද මිල දී ගත් ඉතිරි යන්ත්‍ර 33 සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගෙන ක්‍රියාත්මක කර නොමැති බව ද විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී ඇත.


(mawbima.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්