ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන්

නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.


ලබන 8 වැනිදා එම අයැදුම්පත නිව් සවුත් වේලස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලෙනු ඇත.


කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා සතරක් ගොනුකර තිබේ.


ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත්විය.


dhanuh gn


එහිදී සිඩ්නි අධිකරණයෙන් ඔහු ඇප ඉල්ලීමක් කළත් එය ප්‍රතික්ෂේපවීම නිසා ඔහුගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
 

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි චෝදනා පසුගිය සතියේ අනාවරණය වූයේ, නඩුවේ තොරතුරු යටපත් කිරීමට පොලිසිය ගත් උත්සාහයට එරෙහිව මාධ්‍ය උසාවියේ දී සටනක් ජයග්‍රහණය කිරීමෙන් පසුව ය.
 

විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර දැමීම හේතුවෙන් ඇය "සිය ජීවිතය පිළිබඳ බියකින්" සිටි බවට අධිකරණ ලේඛන මගින් චෝදනා කර තිබේ.
 

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4ක් ලැබ සිටින 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ගලවා දැමීමේ චෝදනාව ද එල්ල වී තිබේ.
 

කෙසේවෙතත් ධනුෂ්ක පොලිසිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිසිදු ප්‍රචණ්ඩත්වයක් නොකළ බව හෝ ඇයගේ කැමැත්තක් නොතිබූ බව ප්‍රතික්ෂේප කර ඇත.
 

ඔහු විදෙස් ගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය තර්ක කිරීමෙන් පසු ඉකුත් සඳුදා ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


''ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට මෙවැනි කුමන්ත්‍රණයක් එල්ල වීමේ හැකියාවක් තියනවා'' - ක්‍රීඩා රාජ්‍ය ඇමති



Rohana Di TTVnews

මේ අතර ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසන්නේ, ඕස්ට්‍රේලියාවේදී චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක චූදිතයෙකු පමණක් වන බැවින් ඔහු ආරක්ෂා කර ගැනීමේ වගකීමක් මෙරටට පැවැරී ඇති බවයි.
 

ඔහු එබව කියා සිටියේ, මහනුවර ‘සහශ්‍රා උයන’ පරිශ්‍රයේ පැවැත්වෙන උළෙලේ දෙවන දිනය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (නොවැ. 13) සහභාගි වෙමිනි.
 

“ආසියානු කුසලානය දිනා ගනිමින් ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණි කණ්ඩායමක් වන ශ්‍රී ලංකා පිලට මෙවැනි අභියෝග එල්ල වීම සිදුවිය හැකි කාරණයක්,” යැයි ද අමාත්‍යවරයා කීවේ ය.
 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට සිය කනගාටුව පළ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා, ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට මෙවැනි කුමන්ත්‍රණයක් එල්ල වීමේ හැකියාවක් පවතින බව ද පැවසිය.
 

ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති හා ක්‍රිකට් මණ්ඩලය සමග සාකච්ඡා කොට ඉදිරි කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
 

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීතිඥ සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.


සබැඳි පුවත් :
ධනුෂ්කගේ නඩුව ගැන විශේෂ නිවේදනයක් !



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්