theleaderlk 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරු 6 දෙනෙක් එම පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන්

යුත් සමගි ජනබලවේගය සමග අද සන්ධානගත වූහ.


ඒ අනුව, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත් ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු එලෙස සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගත වූහ.


රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිලිබදව සිය කෘතවේදීත්වය පිරිනමන බවත්, ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව, කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.


"සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වු බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.


ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 අයවැය ඉදිරිපත් කරන දිනයේම මෙම පිල් මාරුව සිදුවීම සුවිශේෂී කාරණයකි. 

 

s 1s 2


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

නවතම පුවත්