යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන සුසාන භුමි එළිපෙහෙළි කරමින්

මහවිරු දිනය සැමරීමට සුදානම් වන උතුරු නැගෙනහිර දෙමළ ජනයාට දිගින් දිගටම යුද හමුදාවේ බාධා එල්ල වෙමින් පවතී.

නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නොවැම්බර් 13 වැනි ඉරිදා මුලතිව්, මුල්ලියාවලෙයි සුසාන භුමිය සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කළ ප්‍රාදේශිය දේශපාලනඥයන් ඇතුළු පිරිස 592 බල සේනා මූලස්ථානයට කැදවු එහි අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් එස්.ඩී.පී චමින්ද ආරච්චිගේ ඔවුන්ට කියා ඇත්තේ, සුසාන භුමිය පිහිටි ඉඩම යුද හමුදාවට අයිති ඉඩමක් බවයි. එහි පිරිසිදු කිරීමේ කටයුතු ජනතාවට සිදු කළ හැකි නමුත් 27 වැනිදාට එහි මහවිරු සැමරුම් සිදු කළ නොහැකි බව බලසේනාධිපති ප්‍රකාශ කර තිබේ.

යුද හමුදා සෙන්පතියා එම අනතුරු ඇඟවීම සිදුකළ දාම ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩු විරෝධී කැරැල්ලකින් මියගිය සිය සටන් සගයන් විරුවන් ලෙසින් කොළඹදී සමරන ලදී.

මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවේ සභාපති කේ. විජින්දන්, එහි නියෝජිතයන් වන ටී.අමලන්, ආර්. ජෙගන් ඇතුළු මහවිරු පවුල් වල සාමාජිකයන් තමන් කැඳවූ 592 බලසේනාධිපතිට දැනුම් දී ඇත්තේ, සුසාන භුමිය පිහිටි ඉඩම ප්‍රාදේශිය සභාවට අයිති ඉඩමක් වන අතර මිය ගිය සිය සමීපතමයන් එහිදී සැමරීමට තමන්ට හමුදා අවසරයක් අවශ්‍ය නැති බවයි.

මළවුන් අනුස්මරණය කිරීම තමන්ගේ  අයිතියක් බව පෙන්වා දුන් පිරිස හමුදා කදවුරෙන් පිටත්ව යළිත් සුසාන භුමියට පැමිණ එහි පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වු බව පලාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

මහවිරු දිනය සැමරීම සදහා සුසාන භුමි පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටි උතුරු නැගෙනහිර දෙමළ ජනයාට පසුගිය දින කිහිපය තුළ යුද හමුදාව අවස්ථා කිහිපයකදීම බාධා පමුණුවා තිබුනි.

 

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් නොවැම්බර් 2 දා කෝපායි  සුසාන භුමිය ඉදිරිපිට මාර්ගය ශ්‍රමදානයෙන් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු වල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි හමුදා සෙබළුන් ඔවුන්ට පවසා තිබුනේ පිරිසිදු කිරීමේ කටයුතු නතර කරන ලෙසයි. එම අවස්ථාවේ යුද හමුදා සෙබළුන් සුසාන භුමිය ඉදිරිපිට මාර්ගයේ බෞද්ධ කොඩි සවි කිරීමට කටයුතු කරන ආකාරය යාපනයේ මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබුනි.



මුලතිව් තුනුක්කායි ආලංකුලම් සුසාන භුමිය, මන්නාරම, මාන්තෙයි බටහිර ආටිකාලි වැලි සුසාන භුමිය සහ තේරාවිල් සුසාන භුමිය  පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටි දෙමළ ජනයාට යුද හමුදා සාමාජිකයන්ගේ බාධා කිරීම් වලට මුහුණ දීමට සිදු වු අතර ත්‍රිකුණාමලය, සාම්පුර්, ආලංකුලම් සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගෙන් පොලීසිය ඉල්ලා තිබුනේ එම කටයුත්ත නතර කරන ලෙසයි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්