ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ

කැඳවුම්කරු වසන්ත මුදලිගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පරිදි අද දින (නොවැම්බර් 14) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණ.

එහිදි වසන්ත මුදලිගේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු යළි මේ මස 18 වන දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර  ත්‍රස්ත මර්දන ඒකකයේ නිළධාරීන්ට නියෝග කර තිබේ.


මුහුණු ආවරණය කොට අධිකරණය වෙත ...

මේ අතර නීතිඥ නුවන් බෝපගේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

'' ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පරිදි අද දින වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. එහිදී හදුනාගැනීමේ පෙරට්ටු කිහිපයකට ඉදිරිපත් කළ යුතු යැයි පවසමින් ඔහුගේ මුහුණු ආවරණය කොට අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත. කෙසේ නමුත් මහේස්ත්‍රාත්තුමා විසින් එම හඳුනා ගැනීමේ පෙරට්ටු වලට අදාල නඩු මොනවා දැයි විමසීමේදී එබදු කිසිදු නඩුවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අපොහොසත් වී ඇත.

 ඒ අනුව වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා කරුණු දක්වමින් පැහැදිලිව අධිකරණයට දක්වා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූව ද ඔහුව තවදුරටත් කෙසේ හෝ රක්ෂිත භාරයේ තබා ගැනීමේ අරමුණින් මෙබඳු කූඨ උපක්‍රම පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

එම කරුණ මහේස්ත්‍රාත්තුමා විසින් සිය නඩු වාර්තාවට පැහැදිලිව ඇතුළත් කර ගන්නා ලදී. ඒ අනුව නැවත වතාවක් නොවැම්බර් මස 18 වන දින දක්වා රැඳවුම් භාරයට පත් කොට ඇති අතර එදිනට මහේස්ත්‍රාත් තුමා වෙත නැවත ඔහුව ඉදිරිපත් කළ යුතුව ඇත.

රනිල් රාජපක්ෂ ජුන්ටාවේ ටිරාන්-දේශබන්දු-කමල්  යන රෑකඩ විසින් නීතිය පමණක් නොව අධිකරණ නියෝග සමගද සහාසික ක්‍රිඩාවක නිරත වන බව පැහැදිලිය.''

(උපුටා ගැනීම අවසන් )


කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබිණ.

එහිදී නේවාසික නියෝජිතවරියට ලිපියක්ද භාර දී තිබේ.

drt

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්