1200 x 80 DMirror

තමා සමගි සන්ධානයට එක්වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ජනතාව නොමග යවන සුළු

වන අතර සත්‍යයෙන් තොර බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය අවධාරණය කර සිටියි.

මිට මාස කිහිපයකට පෙර ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ඇය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අද විපක්ෂ නායකවරයා හමුවී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පොදු කාර්ය භාරය ඉටුකිරීමට එකඟතාවයක් පමණක් ඇති කරගත් බවයි.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

Sudarshani Fp


කෙසේවුවද විපක්ෂනායක කාර්යාල මාධ්‍ය අංශය සමාජ මාධ්‍ය ඔස්සේ අද (14) දහවල් නිවේදනය කර තිබුනේ, පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් අද(14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත වූ බවයි. ඒ අනුව, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම එලෙස සමගි ජන බලවේගය සමඟ එක් වූ බව ප්‍රකාශයට පත්කර තිබිණ.

 

රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිලිබදව සිය කෘතවේදීත්වය පිරිනමන බවත්, ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව,කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසු බවද විපක්ෂනායක කාර්යාල සමාජ මාධ්‍ය සටහනේ සඳහන් විය.

"සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වු බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත්'' එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසු බවද එම සටහනේ දැක්විණ

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය